මහවැලි ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මහවැලි ක්‍රීඩා ගිනිසිළුව ප්‍රදර්ශන රථ පෙරහැර අනිද්දා (6 වැනිදා) පෙරවරු 7.34 ට ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ වේ.
දින 10 ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශන රථ පෙරහැර පළමු දිනය (6 වැනිදා) තුළදී කොළඹ සිට තඹුත්තේගම දක්වා ගමන් ගනී. එය 7 වැනිදා තඹුත්තේගම සිට වැලිඔය දක්වාද, 8 වැනිදා වැලිඔය සිට මැදිරිගිරිය දක්වාද, 9 වැනිදා මැදිරිගිරියේ සිට වැලිකන්ද දක්වාද, 10 වැනිදා වැලිකන්දේ සිට මොරගහකන්ද දක්වාද ගමන් කිරීමට නියමිතය.
නැවතත් 11 වැනිදා මොරගහකන්දෙන් ගමන් අරඹන රථ පෙරහැර දිගන දක්වා ගමන් කරන අතර 12 වැනිදා දිගන සිට දෙහිඅත්තකන්ඩිය දක්වාද, 13 වැනිදා දෙහිඅත්තකන්ඩිය සිට බදුල්ල දක්වාද, 14 වැනිදා බදුල්ලේ සිට ඇඹිලිපිටිය දක්වාද ගමන් කර 15 වැනිදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය වෙත ලගා වීමට නියමිතය.
ගිනිසිළුව රැගත් ප්‍රදර්ශන රථ පෙරහැර 15 වැනිදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණය වෙත ලගාවීමෙන් අනතුරුව මෙවර ක්‍රීඩා උළෙල ආරම්භ කෙරෙන අතර 16 වැනිදා එහි නිමාව සනිටුහන් කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.