Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංවර්ධන කමිටුවේ සභාපති ධූරයට හිටපු යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමෙන් රග්බි සංවර්ධනය කබලෙන් ලිපට වැටීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට රග්බි ක්ෂේත්‍රයෙන් වාර්තා වේ. ඒ මහතා පත්කර මාස දෙකක පමණ කාලයක් ගෙවී තිබුණ ද සිදුවූ සංවර්ධනයක් නොමැති බවට විවේචන එල්ල වී තිබේ.
රග්බි සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අන්තර්ජාතික රග්බි සංගමය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර පසුගිය වසරේ ලබාදීමට නියමිතව තිබූ පවුම් 40,000 න් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක් කපා හැර තිබූණි.
හිටපු යුද හමුදාපතිවරයාට ඕනෑම කඳවුරකට ඇතුල් වී සංවර්ධනයට සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇතැයි පත්කිරීමේදී පැවසුව ද ඒ මහතාට යුද හමුදා කඳවුරකට පවා ඇතුල්වීමේ අවස්ථාව නොමැති බව වාර්තා වේ. යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලිය පසුගියදා පැවැති බවත් එයට ද ඒ මහතා සහභාගි වී නොමැති බව වාර්තා වේ.
සංවර්ධන කමිටුවෙන් සැළකිය යුතු සේවයක් නොවූ බවට එල්ල වූ චෝදනා මත සංවර්ධන කමිටුවේ හිටපු සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු යුද හමුදාපතිවරයා එම තනතුරට පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි ලේකම් නසීම් මොහොමඞ් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ රග්බි සංවර්ධන වැඩසටහන් බොහෝමයක් කර ඇති බවයි.
“අපි සංවර්ධන කමිටු සභාපතිවරයා පත්වීමට පෙර කරගෙන ගිය වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඇතැමුන්ට කියන්න පුළුවන් මුතුක් කරන්නේ නෑ කියලා. ඒත් ඕනෑම කෙනෙකුට ඒවා පෙන්නන්න පුළුවන්”
“සංවර්ධන කටයුතු අඩාල වීම නිසා පසුගිය වසරේ ලැබීමට තිබූ මුදල් අහිමිවුණා. අපි මේ වසරේ පළාත් සංගම් එක්ක එකතු වෙලා සංවර්ධන වැඩ කරලා තියෙනවා” යයිද කී ලේකම්වරයා....
“හිටපු නිලධාරියා ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව ඒ මහතා පාසලක රග්බි කමිටුවක සභාපති ධූරය දැරීමයි. විධායක සභාව සාකච්ඡා කරලයි අපි රත්නායක මහතා පත්කළේ. මට මතක නෑ එහිදී හමුදා කඳවුරුවලට යෑමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කළාය කියලා” යැයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.