අන්තර් පාසල් වයස 20න් පහළ සිංගර් කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සිකුරාදා කොළඹ සී. ආර්. පිටියේදී පැවැති වෙස්ලි විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර තරගයේදී දෙපිලේ ක්‍රීඩකයන් අතර ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් අඟහරුවාදා (28) කොළඹ දී පැවැත්වෙන බව පාසල් රග්බි සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද විශේෂ පරීක්ෂණයක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම තරගය පැවැත්වෙමින් තිබියදී දෙපිලේ ක්‍රීඩකයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
එම ගැටුමට අතිරේක ක්‍රීඩක බංකුවේ සිටි ක්‍රීඩකයන් ද මැදිහත්වීම බරපතල තත්ත්වයක් ඇතිවූ බව සිද්ධිය ඇසින් දුටූවෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.