Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මයිලෝ කුසලාන අවසන් තරග හෙට

මයිලෝ කුසලාන අවසන් තරග හෙට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා මයිලෝ කුසලාන අවුරුදු 16න් පහළ 15 සාමාජික පාසල් රග්බි තරගාවලියේ කුසලාන, පළඟ, බඳුන, පළිහ සහ පීරිසි ශූරතා අවසන් මහා තරග හෙට (29) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. එම තරග ඔක්තෝබර් මස 1 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද මෙම තරගාවලිය හෙට පැවැත්වෙන්නේ ඔක්තෝබර් මස 2 වැනිදා ඇරැඹෙන ජාතික පාසල් මහා ක්‍රීඩා උළෙල සඳහා රාජකීය විදුහල් ක්‍රීඩා සංකිර්ණය වෙන් කර ඇති බැවිනි.

අවුරුදු 16න් පහළ රග්බි තරගාවලියේ වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සැළකෙන කුසලාන වටයේ අවසන් මහා තරගය සඳහා ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සුදුසුකම් ලබා සිටිති.

 

ඉසිපතන විදුහල් අවුරුදු 16න් පහළ රග්බි සංචිතය
ඩබ්.පී.එස්.චෙත්මිණ, ඩී.එම්.ළහිරු ආකාශ්, එස්.පී.රාජපක්ෂ, ටි.එන්. සඳරුවන්, පී.ඩී.අයි. අගාස්, පී.කේ. හිරුණ නවෝද, කේ. කෞෂල්‍යා, ඩී.එන්. වික්‍රමආරච්චි, ඊ.එල්. බණ්ඩාර, එම්. ආර්.ජාවිඞ්, ජේ.ප්‍රවීන් ස්ටෙෆාන්, කේ.පී.ටෙෂාන්, ඩී.ඩී.එල්. වීරතුංග, එස්.ඩී.සන්සෝනි, ඒ.එල්. ගුණසේකර, එස්.එස්. දොඩංගොඩ, වෙනුර සංගීත්, එම්.ශකීල් සුහාන්, එම්.එච්. නවුෂාඞ්, ඩී.බී.වික්‍රමආරච්චි, එම්.එල්.රියාස්, අයි.එච්.ඒ. කෞෂාල්.
පුහුණුකරු - නිරෝෂන් වෙත්තසිංහ

විද්‍යා විද්‍යාලයිය අවුරුදු 16න් පහළ රග්බි සංචිතය
බී.අයි. ආර්. පෙරේරා, එම්.ඩී.කල්හාර, එස්.එච්.එච්. දේවින්ද, එච්.ඩී.බි.එච්. ප්‍රනාන්දු, එම්.එම්.එස්.එන්. දේවින්ද, එච්.ටි.ඩී.සිල්වා, පී.කේ.කේ. මාරසිංහ, එම්.වයි.කේ. කුරේ, එම්.පි.අයි.ටි.වීරසේකර, ආර්.එම්.ඩී.එම්.පෙරේරා, ඩී.ජේ.වී.විජේසූරිය, ඒ.අයි.ඒ.නුගවෙල, එල්.ඒ.වී.ආර්.පී.සඳරු, බී.පී.ගමගේ, එච්.කේ.ඒ.කේ.තීක්ෂණ, එම්.ඒ.හසිත, එම්.ඒ.එන්. කවීෂ, ආර්.ඩි.කේ.ඩිල්ෂාන්, කේ.පී.එස්. ලක්මාල්, එම්.එස්.එම්.ජීසාන්, එම්.ඒ.ප්‍රභාෂණ, ඒ.එන්.ඩී.රන්ජිල, පී.කේ.වයි.භනූල, කේ.කේ.පි.එච්.එල්.කළුආරච්චි.
පුහුණුකරු - හිරාන් රසාංග


අවසන් මහ තරග කාල සටහන
පීරිසි ශූරතා - සහිරා විදුහල සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර පස්වරු 1.00 ට
පළිහ ශූරතා - මලියදේව විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර පස්වරු 2.00 ට
බඳුන ශූරතා -වෙස්ලි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර පස්වරු 3.00 ට
පළඟ ශූරතා - ඩී.එස්.සේනානායක විදුහල සහ ලුම්බිණි විදුහල අතර පස්වරු 4.00 ට
කුසලාන තරගය - ඉසිපතන විදුහල සහ විද්‍යා විදුහල අතර පස්වරු 5.00 ට

 


අදහස් (0)

මයිලෝ කුසලාන අවසන් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.