දකුණු කොරියාවේ පැවැති 5 වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලියට සමගාමීව පවත්වන ලද ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ විශේෂ මහාසභා රැස්වීමේදී ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා එහි උප සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.
හිටපු රේගු අධ්‍යක්‍ෂක වරයෙකු වන බස්නායක මහතා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාද වන අතර රාජ්‍ය සේවා හොකී සංගමයේ සහ මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපතිවරයාද වේ.
ජාත්‍යන්තර කැරම් සම්මේලනය මගින් සිවු වසරකට වරක් පවත්වනු ලබන මෙම මහා සභා රැස්වීම සහ නිලවරණයේදී හිටපු සභාපති ස්විට්සර්ලන්තයේ ජෝශප් මේයර් මහතා නැවත වරක් සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතර මහ ලේකම්වරයා ලෙස ඉන්දියාවේ වී.ඩී. නාරායන් මහතා තෝරාගන්නා ලදි.
ශ්‍රී ලංකාවට ලෝක කුසලාන කැරම් ශූරතාව හිමිවීම, ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ උප සභාපති තනතුර හිමිවීම හේතුවෙන් මීළඟ ආසියානු කැරම් ශූරතාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත්, සාර්ක් ක්‍රීඩා තරගාවලිය, ආසියානු ක්‍රීඩා තරගාවලිය, පොදුරජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල යන සුවිශේෂී ජාත්‍යන්තර තරග අවස්ථාවන් සඳහා කැරම් ක්‍රීඩාව ඇතුළත් කිරීම වැනි කටයුතු රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට පරාක්‍රම බස්නායක මහතා බලාපොරොත්තු වෙයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.