Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බලපිටිය රේවත විද්‍යාලයට ලකුණු 42ක ජයක්
17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්

බලපිටිය රේවත විද්‍යාලයට ලකුණු 42ක ජයක්

editorial - 2025 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 42කින් පැරදවීමට බලපිටිය රේවත විද්‍යාලය සමත්විය.

දික්වැල්ල විජිත මැදි විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාල ඉනිම පන්දුවාර 18 කදී ලකුණු 33කට සීමා කිරීමට රේවත පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී රේවත විද්‍යාලයේ  දිනූෂ සත්සර පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 23කට කඩුලු 6ක් දවාලීය.


බලපිටිය රේවත විද්‍යාලය - ඕවර 27.5 කදී 75 යි
(දිලෙන දිනුවන් 33, තත්සර විමුක්ති 11/4, ලූක් දෙව්තිලිණ 08/2)


මාතර ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 18 කදී  33 යි 
(දිනූෂ සත්සර 23/6)


 


අදහස් (0)

බලපිටිය රේවත විද්‍යාලයට ලකුණු 42ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.