Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු රන් පදක්කම චීනයේ කියැන්ට

පළමු රන් පදක්කම චීනයේ කියැන්ට

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන වෙඩි තැබීමේ ක්‍රීඩිකා යැන්ග් කියැන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පළමු රන් පදක්කම දිනා ගත්තාය. මීටර 10 වායු රයිෆල් (කාන්තා) ඉසව්වේදී ලකුණු 251.8 ක් වාර්තා කරමින් ඇය පළමු රන් පදක්කමට හිමිකම් කීවාය. රුසියානු ක්‍රීඩිකා ඇනස්ටාසියා ගැලෂිනා රිදී පදක්කමට හිමිකම් කීවේ ලකුණු 251.1 ක් ලබාගනිමිනි. ස්විට්සර්ලන්තයේ නීනා ක්‍රිස්ටියන් (ලකුණු 230.6) ලෝකඩ පදක්කම දිනාගත්තාය.

රුසියානු ක්‍රීඩිකාව වෙඩි තැබීමේ අවසන් වටයේදී ඇයට මධ්‍ය ලක්‍ෂය රවුම් දෙකකින් මඟහැරිණ. එයින් ඇයට හිමිවූයේ ලකුණු 8.9 ක් පමණි. එහෙත් අවසන් වෙඩි තැබීමේ වටයේදී ලකුණු 9.8 ක් ලබාගත් යැන්ග් සමස්ත ලකුණු 251.8 ක් ලබාගනිමින් ඔලිම්පික් වාර්තාවක් ද පිහිටවූවාය.

මීටර 10 වායු රයිෆල් ඉසව්වේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනා වන එලවෙනිල් වැලරිවාන් සහ අපූර්වි චන්දේලා දෙදෙනාම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ. ලෝකයේ අංක 1 හිමි ක්‍රීඩිකාව වන එලවෙනිල් මූලික වටයේදී 16 වැනි ස්ථානය ගත්තේ ලකුණු 626.5 ක් ලබාගනිමිනි. අපූර්වි චන්දේලා මෙම ඉසව්වේ ලෝක වාර්තාව හිමි ක්‍රීඩිකාවයි. එහෙත් රිදී පදක්කම දිනාගත් රුසියානු ක්‍රීඩිකා ඇනස්ටාසියා ගැලෂිනා මූලික වටයේදී 628.5 ක් ලබාගනිමින් අවසන් 8 දෙනා අතරට එක්වූයේ 8 වැනි ක්‍රීඩිකාව ලෙසිනි.

මෙම ඉසව්වේ මූලික වටයට තරග කළ ශ්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙලට හිමිවූයේ ක්‍රීඩිකාවන් 50 දෙනකුගෙන් 49 වැනි ස්ථානයයි.


- 213


අදහස් (0)

පළමු රන් පදක්කම චීනයේ කියැන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.