වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී අද (31) පැවැති නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර තරගයෙන් ශාන්ත ජෝන් විදුහල ලකුණු 15-5 ක ජයක් ලැබීය.
ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ශාන්ත ජෝන් විදුහල උත්සාහක දිනුම් තුනකින් ලකුණු ලැබූ අතර ලූම්බිණි විදුහල උත්සාහක දිනුමක් පමණක් සාර්ථක කළේය.
ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් නදුන් ගිම්හාන, උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කළ අතර විශ්ව බණ්ඩාරනායක උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.