ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කළ ‘එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි සවාරියේ කාන්තා තරගය ජයගැනීමට ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි සමත් වූවාය. දින දෙකක් පුරා පැවැති එම තරගයේ අදියර දෙකම අවසන් කිරීම සඳහා ඇය පැය 5 යි, විනාඩි 29 යි, තත්පරයක කාලයක් ගත කළාය.
ගුවන් හමුදාවේම ක්‍රීඩිකාවන් වන සුදාරිකා ප්‍රියදර්ශනී, පංචාලි සුලෝචනා සහ නිරෝෂනී පෙරේරා පිළිවෙලින් එම තරගයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගත්හ. තරග නිමි කාලයට අනුව දිනේෂා සෙසු ක්‍රීඩිකාවන්ට වඩා විනාඩි 6 ක් පමණ කාලයක් ඉදිරියෙන් සිටීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
කාන්තා තරගය පසුගිය සිකුරාදා (7 වැනිදා) සහ සෙනසුරාදා (8 වැනිදා) දෙදින තුළ කොළඹ සිට කෑගල්ල දක්වාත්, කෑගල්ලේ සිට කුලියාපිටිය දක්වාත් කිලෝ මීටර් 175 ක දුරක් ආවරණය කරමින් පැවැත්විණි. එහි ශූරියට රුපියල් දෙලක්ෂ පනස්දහසක ත්‍යාග මුදලක් පිරිනැමුණ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් ලක්ෂ දෙකක් සහ එක් ලක්ෂ විසිපන්දහසක් බැගින් පිරිනැමිණ.
කාන්තා තරග ප්‍රතිඵල
1 දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව) - පැය 5:29:01
2 සුදාරිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව) - පැය 5:35:05
3 පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව) - පැය 5:35:09
4 නිරෝෂනී පෙරේරා (ගුවන් හමුදාව) - පැය 5:35:09
5 ශාලිකා දිල්හානි (යුද හමුදාව) - පැය 5:35:56
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.