Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු සත් සාමාජික තෙවැනි අදියර අද - හෙට

ආසියානු සත් සාමාජික තෙවැනි අදියර අද - හෙට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි අදියර වන ඉන්දීය සත් සාමාජික රග්බි තරගාවලිය රටවල් 12 ක සහභාගිත්වයෙන් අද සහ හෙට (12 සහ 13) මුම්බායිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල අද පස්වරු 2.20 ට පළමු තරගයේදී එක්සත් ආරාබි එමිර් රාජ්‍යයට එරෙහිව තරග කිරීමට නියමිතය. පළමු වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය තායිලන්තයට එරෙහිව අද පස්වරු 4.20 ට පැවැත්වේ.

මෙම තරග මාලාවේ දෙවැනි අදියර ලෙස තායිලන්තයේදී පැවැති තරගාවලියේදී තෙවැනි ස්ථානයට පත්වූ ෆසීල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සමස්ත තරගාවලියේ ප‍්‍රසාද ලකුණු අනුව ද තෙවැනි ස්ථානයේ පසුවෙයි.

කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් 12, කාණ්ඩ හතරක් යටතේ පළමු වටයේදී තරග කරයි. කාණ්ඩ හතරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.  

 


අදහස් (0)

ආසියානු සත් සාමාජික තෙවැනි අදියර අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.