Last Update  :  2026-03-09 21:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අෂේන් - හෂාන් ශතක ලබති
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

අෂේන් - හෂාන් ශතක ලබති

editorial - 2026 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. 

එහිදී පොලිස් කණ්ඩායම වෙනුවෙන් අෂේන් බණ්ඩාර (158) ද, බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් හෂාන් දුමිඳු (152) ද ශතක වාර්තා කරමින් දක්ෂ පිතිහරඹයන්හි නිරත වූහ. පොලිස් කණ්ඩායම වෙනුවෙන් ධනූජ ඉඳුවරත් (76), බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් මොවින් සුබසිංහ (65), සමින්ද ප්‍රනාන්දු (83) සහ ප්‍රමෝද් මධුවන්තත් (50) අර්ධ ශතක ලැබූහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර පළමු ඉනිමේදී ලකුණු 85 කට කඩුලු 5 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 142 කට කඩුලු 4 ක්ද බැගින් ඉනිම් දෙකේදී කඩුලු 9 ක් දවාගත්තේය. බී.ආර්.සී. කණ්ඩායමේ යසිරු රොද්‍රිගූ කඩුලු 5 ක් බිඳහෙළුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 74 ක් ලබා දෙමිනි.  


බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 180  
(හෂාන් දුමිඳු 24, ප්‍රමෝද් මධුවන්ත 18, මොවින් සුබසිංහ 65, යසිරු රොද්‍රිගූ 24, දිලුම් සුදීර 85/5, නලින් ප්‍රියදර්ශන 16/3) 

පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 412 
(ධනූජ ඉඳුවර 76, රෂ්මික හිරුෂාන් 22, අෂේන් බණ්ඩාර 158, විෂාද් රන්දික 48, සුපුන් මධුෂංක 48, යසිරු රොද්‍රිගූ 74/5, සිතුක ගුණවර්ධන 151/2) 

බී.ආර්.සී. දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 384  
(සමින්ද ප්‍රනාන්දු 83, හෂාන් දුමිඳු නොදැවී 152, ප්‍රමෝද් මධුවන්ත 50, රමිඳ විජේසූරිය 36, මොවින් සුබසිංහ 34, දිලුම් සුදීර 142/4) 


අදහස් (0)

අෂේන් - හෂාන් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.