
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හත්වැනි සතිය යටතේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජයේ අංජල බණ්ඩාර (නොදැවී 200) අද (18 වැනිදා) සමත් විය.
ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ අංජල, පන්දු 338 කට මුහුණ දෙමින් ලබාගත් එම ද්විත්ව ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය. එහිදී නායක සොනාල් දිනූෂ (121) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 226 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද අංජල සමත් විය.
අංජලගේ ද්විත්ව ශතකය සහ සොනාල්ගේ ශතකය හේතුවෙන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 482 ක් රැස්කිරීමට සී.සී.සී. කණ්ඩායමට හැකි විය. ඉන් අනතුරුව ඉනිම අත්හිටවූ ඔවුන් පොලිස් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටි අතර තරගයේ දෙවැනි දිනය වූ අද ක්‍රීඩාව නතර කරන විට පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියහ.
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 482
(ලසිත් කෲස්පුල්ලේ 34, අංජල බණ්ඩාර නොදැවී 200, සහන් කෝසල 46, සොනාල් දිනූෂ 121, චමෝද් විජේසිංහ 33, හිමේෂ් රාමනායක 60/3, නලින් ප්‍රියදර්ෂන 155/2)
පොලිස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 106
(ධනුජ ඉඳුවර 49, දුලාෂ් උදයංග 22, නිෂාන් පීරිස් 36/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.