Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සධීර - මිලාන් - මධුශංක සංචිතයට කැඳවති
එක්දින තරගාවලිය

සධීර - මිලාන් - මධුශංක සංචිතයට කැඳවති

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සධීර සමරවික්‍රම, ඩිල්ෂාන් මධුශංක සහ මිලාන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කඳවා සිටිති. මේ තිදෙනා අතුරින් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක එක්දින සංචිතයට කැඳවා ඇත්තේ පළමු වතාවටය. 

ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයට මිලාන් රත්නායක කැඳවා ඇත්තේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සුදුසු තත්ත්වයක තිබේ නම් පමණි. ගාල්ල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටි මිලාන් රත්නායකගේ වම් ඇලපතේ මස්පිඬුවක් ඇදීම හේතුවෙන් දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන සංචිතයෙන් ඔහු ඉවත් කරන ලදි. 

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේදී පැවති තරගාවලියේදී එක්දින සංචිතයට ඇතුළත්ව සිටි නුවනිඳු ප්‍රනාන්දු වෙනුවට සධීර සමරවික්‍රම කැඳවා තිබේ. මොහොමඩ් ශිරාස් සහ ළහිරු කුමාර දෙදෙනා වෙනුවට ඩිල්ෂාන් මධුශංක සහ මිලාන් රත්නායක කැඳවා සිටිති. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය ජූලි මස 2 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දෙවැනි තරගය ජූලි 5 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර තුන්වැනි සහ අවසන් තරගය ජූලි 8 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 4 වැනි ස්ථානයේත් බංග්ලාදේශ කණ්ඩායම 10 වැනි ස්ථානයේත් සිටිති. 


ශ්‍රී ලංකා එක්දින සංචිතය 
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග


අදහස් (0)

සධීර - මිලාන් - මධුශංක සංචිතයට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.