Last Update  :  2025-12-09 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා 19 න් පහළ පිල ආසියානු කුසලානයට යයි

ශ්‍රී ලංකා 19 න් පහළ පිල ආසියානු කුසලානයට යයි

editorial - 2025 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ඇෆ්ඝනිස්තානයේ සත්කාරකත්වයෙන් මෙම මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම හෙට (10 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරට හිමිව ඇති අතර කණ්ඩායමේ උප නායකයා ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ කවිජ ගමගේ නම් කරනු ලැබ ඇත. 

මෙම සංචිතයට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන් තිදෙනෙක්ද, මාතර සර්වේෂස් සහ කොළඹ මහානාම යන විදුහල්වලින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද ඇතුළත්ව සිටිති. ඔවුන්ට අමතරව කොළඹ ආනන්ද, කුරුණෑගල ශාන්ත ආනා, වත්තල ලයිසියම්, මරදාන සහිරා, යාපනය හාට්ලි සහ යාපනය ශාන්ත ජෝන් යන විදුහල්වලින්ද එක් ක්‍රීඩකයා බැගින් සංචිතයේ ස්ථාන හිමිකරගෙන ඇත. 

‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම, මූලික වටයේදී නේපාලයට එරෙහිව මෙම මස 13 වැනිදාද, ඇෆ්ඝනිස්තානයට එරෙහිව 15 වැනිදාද, බංග්ලාදේශයට එරෙහිව 17 වැනිදාද තරග බිමට පිවිසීමට නියමිතය. 

මූලික වටය අවසානයේ එම කාණ්ඩයේ පළමු හෝ දෙවැනි ස්ථානයට පත්වුව හොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවනු ඇත. ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටියි. 

‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වුව හොත් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිවද, ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වුව හොත් ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියාට එරෙහිවද ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේදී තරග වැදීමට සිදුවනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 21 වැනිදා පැවැත්වෙනු ඇත. 


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය  
විමත් දින්සර (නායක) - කොළඹ රාජකීය විදුහල
කවිජ ගමගේ (උප නායක) - මහනුවර කිංග්ස්වුඩ් විදුහල
දිමන්ත මහවිතාන - මහනුවර ත්‍රිත්ව විදුහල
විරාන් චමුදිත - මාතර ශාන්ත සර්වේෂස් විදුහල 
දුල්නිත් සිගේරා - කොළඹ මහානාම විදුහල
චාමික හීනටිගල - කොළඹ මහානාම විදුහල 
ආධම් හිල්මි - මහනුවර ත්‍රිත්ව විදුහල 
චමරිඳු නෙත්සර - මාතර ශාන්ත සර්වේෂස් විදුහල
කිත්ම විදානපතිරණ - කොළඹ ආනන්ද විදුහල
සෙත්මික සෙනවිරත්න - මහනුවර ත්‍රිත්ව විදුහල 
සනුජ නිඳුවර - කුරුණෑගල ශාන්ත ආනා විදුහල
කුගතාස් මතුලන් - යාපනය ශාන්ත ජෝන් විදුහල
රසිත් නිම්සර - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල 
විග්නේෂ්වරන් ආකාෂ් - යාපනය හාට්ලි විදුහල
තරුෂ නවෝද්‍ය - මරදාන සහිරා විදුහල 


අදහස් (0)

ශ්‍රී ලංකා 19 න් පහළ පිල ආසියානු කුසලානයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.