Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශන්ටෝ නායකත්වයෙන් ඉවත්වෙයි

ශන්ටෝ නායකත්වයෙන් ඉවත්වෙයි

editorial - 2025 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්විය. එස්.එස්.සී. ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය ඉනිමක සහ ලකුණු 78 ක දරුණු පරාජයකට මුහුණ දුන්නේය. 

“මම බංග්ලාදේශයේ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙනවා. තවදුරටත් මේ ආකෘතියේ දී නායකත්වය දරන්න මට ඕන නෑ”

“මම මේ වෙලාවේ සියලු දෙනාටම, ඉතාම පැහැදිළි පණිවුඩයක් දෙන්න කැමතියි. මේක පුද්ගලික කාරණාවක් නෙමේ. ඒක සම්පූර්ණයෙන්ම කණ්ඩායමේ යහපත වෙනුවෙන් ගත්ත තීරණයක්. ඒ නිසා  මම හිතනවා, මේ තීරණය කණ්ඩායමේ යහපත වෙනුවෙන් විශාල දෙයක් කරාවි” යයි ශන්ටෝ එස්.එස්.සී. ටෙස්ට් තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

කෙසේ වෙතත් නජ්මුල්ට ටෙස්ට් කණ්ඩායමේ වගකීම බාරදී තිබුණේ වසරක කාලයකට පමණි. 

“ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනට නායකයන් තුන් දෙනෙක් ඉන්න ඕනා කියලා මම නම් හිතන්නේ නෑ. ඒ නිසා මම ටෙස්ට් නායකත්වයෙන් අයින් වෙනවා” යයි ද නජ්මුල් හොසේන් එස්.එස්.සී. පිටියේදී කියා සිටියේය. 


අදහස් (0)

ශන්ටෝ නායකත්වයෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.