Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රාහුල් - යාදව් ඉන්දියාව ඔසවා තබති
ඉන්දියා - සිම්බාබ්වේ තරගය

රාහුල් - යාදව් ඉන්දියාව ඔසවා තබති

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබාගත්තේය.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 25 කින් නොදැවී ලකුණු 61 ක් රැස්කළේය. ඉන් ලකුණු 48 ක්ම හයේ සහ හතරේ පහරවලින් වාර්තා වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 51 ක් රැස්කරමින් ඉන්දියාවට සාර්ථනක ආරම්භයක් ලබා දුන්නේය. එහිදී විරාට් කෝලි පන්දු 25 කින් ලකුණු 26 ක් රැස්කලේ හතරේ පහර 2 ක් සමගිනි.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 කට 186
(ලෝකේෂ් රාහුල් 51, රෝහිත් ශර්මා 15, විරාට් කෝලි 26, සූර්යකුමාර් යාදව් නොදැවී 61, හර්දීක් පාණ්ඩ්‍යා 18, ෂෝන් විලියම්ස් 09/2)

-036

 


අදහස් (0)

රාහුල් - යාදව් ඉන්දියාව ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.