Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බැංගලෝර් පිල පිළිගැනීමේ තෙරපීමෙන් 11 ක් මියයති
අයි.පී.එල්. - 2025

බැංගලෝර් පිල පිළිගැනීමේ තෙරපීමෙන් 11 ක් මියයති

editorial - 2025 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)

පළමු වතාවට අයි.පී.එල්. කුසලානය දිනාගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පිළිගැනීම සඳහා කර්ණාටක ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් පසුව පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා මිය ගොස් තිබේ. කෙසේ වෙතත් කර්ණාටක ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ඩී.කේ. ශිවකුමාර් මහතා පැවසුවේ මියගිය සංඛ්‍යාව නිශ්චිතවම තහවුරු කිරීමට තමාට නොහැකි බවයි.

“මේක මහත් ඛේදවාචකයක්. මරණය ගැඹුරු වේදනාවක් සහ කම්පනයක්” යයි මහ ඇමති ශිවකුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

“මියගිය අය වෙනුවෙන් මගේ ශෝකය පළකරනවා. ඔවුන්ගේ පවුලේ අයට මගේ ශෝකය ප්‍රකාශ කරනවා” යයි ද මහ ඇමතිවරයා පැවසීය. 

ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු දුටු පරිදි රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට සුබ පැතීම සඳහා බැංගලෝරයේ වීදිපුරා මිනිසුන් පිරී ඉතිරී ගිය අතර විශාල මුහුදු රැල්ලක් මෙන් මිනිසුන් ඉදිරියට එද්දී පොලිසිය පොලු ඔසවමින් ඔවුන් පාලනය කරගැනීමට උත්සාහ කළේය. 

“මරණ සංඛ්‍යාව නිශ්චිතව දැන්ම කියන්න බෑ. ජනතාවට සන්සුන්ව සිටින අපි ඉල්ලා සිටිනවා” යයි ද මහ ඇමතිවරයා පැවසීය. 

සජීවී රූපවාහිනී දසුන් වලින් දැකගත හැකිවූයේ කුඩා දරුවන් දෑතින් රැගෙන මිනිසුන් දිවයන බවයි. හුස්ම ගැනීමට අපහසු වූ තරුණයෙක් ගිලන් රථයක වාඩි වී සිටියේය. 
ඉන්දියාවේ සුප්‍රකට රූපවාහිනී සේවාවක් වන එන්.ඩී.ටී.වී. රූපවාහිනී සේවය ප්‍රකාශ කළේ අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බවයි, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේ හත් දෙනෙකු මිය ගිය බවයි.

“මේක පොලිසියට පාලනය කරන්න පුළුවන් ජනකායක් නොවේ,” 

“මම කර්ණාටක සහ බැංගලෝර් ජනතාවගෙන් සමාව අයදිනවා. අපි පෙරහැරක් යාමට තමයි සූදානමින් හිටියේ. ඒත් ජනකාය පාලනය කළ නොහැකි තරම්... ඒ තරම් විශාල ජනකායක් සිටියා” යයි ශිවකුමාර් මහතා වාර්තාකරුවන්ට පැවසීය.

නමුත් අයි.පී.එල්. සභාපති අරුන් ධුමාල් මහතා එන්.ඩී.ටී.වී, වෙත අදහස් දක්වමින් පැවසුවේ ක්‍රීඩාංගනයේ සංවිධායකයින්ට තෙරපීම ගැන දැනුම් දී නොමැති බවයි.

“ක්‍රීඩාංගනය තුළ සැමරුම් පැවැත්වෙන අවස්ථාවේ සිදු වූයේ කුමක්දැයි එහි සිටි නිලධාරීන් දැන සිටියේ නෑ. සිද්ධිය සම්බන්ධයෙන් මම මගේ හෘදයාංගම ශෝකය පළ කිරීමට කැමතියි” යයි ධුමාල් මහතා පැවසීය.

“මෙතරම් විශාල ජනකායක් පැමිණෙනු ඇතැයි කිසිවෙකු සිතුවේ නෑ” යයි ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා මහතා සිය ශෝකය ප්‍රකාශ කරමින් පැවසීය.

ඉන්දියානු ජන උත්සවවලදී මාරාන්තික තෙරපීමක් ඇතිකරන තරමට විශාල ජනකායක් පැමිණීම නිතර සිදුවන දෙයකි. පසුගිය වසරේ ජූලි මාසයේදී උතුරු උත්තර් ප්‍රාන්තයේ හින්දු ආගමික රැස්වීමක් අතරතුර පුද්ගලයෝ 121 දෙනෙක් තෙරපීමෙන් සහ පෑගීමෙන් මිය ගියහ.


අදහස් (0)

බැංගලෝර් පිල පිළිගැනීමේ තෙරපීමෙන් 11 ක් මියයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.