Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ප්‍රගීත් රඹුක්වැල්ල ටෙස්ට් පිටියට

ප්‍රගීත් රඹුක්වැල්ල ටෙස්ට් පිටියට

editorial - 2025 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දෙවැනි ටෙස්ට් තරගය විනිශ්චය කරමින් සිටි එංගලන්ත ජාතික විනිසුරු ඇලෙක්ස් වෝෆ් මහතා හදිසියේම අසනීප වීම හේතුවෙන් එම කාර්යය ශ්‍රී ලාංකික විනිසුරු ප්‍රගීත් රඹුක්වැල්ල මහතාට බාර වී තිබේ. ඊයේ පස්වරුවේදී එස්.එස්.සී. පිටියට පිවිසි රඹුක්වැල්ල මහතා අද (26 වැනිදා) දිනය පුරාම තරගය විනිශ්චය කිරීමේ නිරත විය. 

මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන ප්‍රගීත් රඹුක්වැල්ල මහතා ටෙස්ට් තරගයක් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. 2004 දී ක්‍රිකට් තරග විනිශ්චයට එක්වූ රඹුක්වැල්ල මහතා මීට පෙර එක්දින අන්තර්ජාතික තරග 8 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 22 ක ප්‍රධාන විනිශ්චයකරුවා ලෙසින් ද කටයුතු කර තිබේ. රඹුක්වැල්ල මහතා පළමු පෙළ තරග 135 ක් සහ දේශීය එක්දින තරග 140 ක් විනිශ්චය කර තිබේ. 

දකුණු අප්‍රිකානු ජාතික අල්ලාවුදීන් පලේකාර් මහතා සහ ප්‍රගීත් රඹුක්වැල්ල මහතා අද දිනය පුරාම තරගය විනිශ්චය කළහ. කෙසේ වෙතත් ඇලෙක්ස් වෝෆ් මහතා ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් පසුව නැවත වරක් මෙම තරගයේ රාජකාරි බාරගැනීමට නියමිතය. 

ප්‍රගීත් රඹුක්වැල්ල මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 501 වැනි ටෙස්ට් විනිසුරුවරයා ද වෙයි. 


අදහස් (0)

ප්‍රගීත් රඹුක්වැල්ල ටෙස්ට් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.