Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පන්දු යවන්නෝ ඉන්දියාවේ ජය ඉක්මන් කරති
ඉන්දියා - සිම්බාබ්වේ තරගය

පන්දු යවන්නෝ ඉන්දියාවේ ජය ඉක්මන් කරති

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා කරගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය සිම්බ්බාවේ කණ්ඩායමට ඕවර 17.2 ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් සාමි සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

සිකන්දර් රාසා පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, රයන් බර්ල් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද රැස්කළ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 25 කින් නොදැවී ලකුණු 61 ක් රැස්කළේය. ඉන් ලකුණු 48 ක්ම හයේ සහ හතරේ පහරවලින් වාර්තා වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 51 ක් රැස්කරමින් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එහිදී විරාට් කෝලි පන්දු 25 කින් ලකුණු 26 ක් රැස්කලේ හතරේ පහර 2 ක් සමගිනි.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 186
(ලෝකේෂ් රාහුල් 51, රෝහිත් ශර්මා 15, විරාට් කෝලි 26, සූර්යකුමාර් යාදව් නොදැවී 61, හර්දීක් පාණ්ඩ්‍යා 18, ෂෝන් විලියම්ස් 09/2)

සිම්බාබ්වේ - ඕවර 17.2 කදී කඩුලු 5 ක් දැවී 115
(ක්‍රෙග් අර්වින් 13, සිකන්දර් රාසා 34, රයන් බර්ල් 35, රවිචන්ද්‍රන් අෂ්වින් 22/3, මොහොමඩ් සාමි 14/2, හර්දීක් පාණ්ඩ්‍යා 16/2)

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දියාවේ ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.