Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පිතිකරුවන්ගේ පරාදීසයක් වන් එස්.එස්.සී. තණතීරුවේදී බංග්ලාදේශ පන්දු යවන්නන් ගල ග්රහයෙන් ගෙන බිම හෙළුෑ පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා දෙවැනි ටෙස්ට් තරගයේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 194 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙම පිතිකරුවන් දෙදෙනාගේ විශිෂ්ට සබඳතාව නිසා කඩුලු 9 ක් අතැතිව තිබියදීම බංග්ලාදේශය පසුකර ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 43 ක් ඉදිරියට පැමිණ සිටියහ.
ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පැතුම් නිස්සංක සහ චන්දිමාල් දෙදෙනා අතර එස්.එස්.සී. පිටියේදී පැවැති සම්බන්ධතාව බිඳී ගියේ චන්දිමාල් ගැසූ රිවර්ස් ස්වීප් පහරකිනි.
චන්දිමාල්ගේ දැවී යාමෙන් ඕවර තුනක් යාමටත් මත්තෙන් අයහපත් ආලෝකය නිසා තරගය නතර කරන ලදි.
සිය 90 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින්, 17 වැනි ශතකය පෙනි පෙනී දැවී ගියද චන්දිමාල් ලකුණු 90 පසුකිරීමෙන් පසුව දැවී ගොස් ඇත්තේ පළමු වතාවටයි. වසර 2022 දී ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයකදී චන්දිමාල් ලකුණු 94 ක් ලබා සිටියදී සහාය පිතිකරුවන් නොමැතිවීමෙන් නොදැවී ක්‍රීඩාගාරයට ගියේය.
කෙසේ වෙතත් හිටපු ශ්‍රී ලංකා නායකයා, සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම මෙහෙවර ඉටු කළේය. පැය හතරකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 153 කට මුහණ දුන් චන්දිමාල්, ඉතාම අසීරු තත්ත්වයන් යටතේදීත් සිය කඩුල්ල රැකගත්තේය. පැයට කිලෝ මීටර 140 ඉක්මවන වේගයකින් නිරන්තරයෙන්ම පන්දු යැවූ නහීද් රානා, චන්දිමාල්ගේ පා ඉන්න පැත්තෙන්, හතරේ සීමාව අසළ ක්‍රීඩකයන් තිදෙනකු රඳවා පිට පිටම බවුන්සර් පන්දු යැවීය. එහෙත් ඒ උගුලට හසුවූයේ චන්දිමාල් නොවේ. ඒ වෙනුවට ලැබෙන සෑම අවස්ථාවකදීම අලංකාර පුල් සහ ඩ්‍රයිව් පහර වලින් පන්දුව හතරේ සීමාවට යැවූ චන්දිමාල්, දැවී යාමෙන් පසුව ක්‍රීඩාගාරයේ පැත්තකට වී මහත් විස්සෝපයෙන් සිටියේය.
පැතුම් නිස්සංක අද ලබාගත්තේ තම සිව්වැනි ටෙස්ට් ශතකයයි. තම 18 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින පැතුම් නිස්සංක, ගාල්ලේදී සිය හොඳම ටෙස්ට් ඉනිම (187) ක්‍රීඩා කළේය. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී අනාගතයේ ශ්‍රී ලාංකීය තරු ලකුණ තමන් බව පැහැදිළිවම සනාථ කර සිටින නිස්සංක, තම ශතකය සම්පූර්ණ කළේ නහීද් රානාගේ පන්දුවකට පසුපාදයේ සිට ගැසූ අලංකාර ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවට යවමිනි.
පැය හයකට ඉතාම ආසන්න කාලයක් පිටියේ රැඳුණු නිස්සංකගේ ඉනිම හතරේ පහර 18 කින් සමන්විත විය.
බංග්ලාදේශ පිතිකරු ලයිස්තුවේ අග්ගිස්ස සිතුවාට වඩා දිගු විය. අවසානයේදී පන්දුව අතට ගත් සොනාල් දිනූෂ යැවූ තුන්වැනි පන්දුවේදීම බංග්ලාදේශ ඉනිම නිමා විය. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගත්හ.
මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවෙන් එපිටට යැවූ පැතුම් නිස්සංක සහ ළහිරු උදාර එක්ව, දිවා ආහාරයට පෙර, විනාඩි 80 ක් තුළ ලකුණු 83 ක් ශ්‍රී ලංකා පුවරුවට එකතු කළහ. දිවා ආහාරයෙන් පසුව තරගයේ පාලනය සියතට ගත් නිස්සංක සහ චන්දිමාල් දෙදෙනා, ලකුණු ලකුණු 194 ක් වෙනුවෙන් වැයකළේ විනාඩි 248 කි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.