Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට
නෙදර්ලන්ත - දකුණු අප්‍රිකා තරගය

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තයට එරෙහිව ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 13 ක පරාජයක් ලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට බ්‍රෙන්ඩන් ග්‍රෝවර් ප්‍රමුඛ නෙදර්ලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. නෙදර්ලන්ත කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු අවස්ථාව මෙය විය.

ඕවර 2 ක් පමණක් යවමින් ලකුණු 9 කට කඩුලු 3 ක් දවාගත් ග්‍රෝවර් දකුණු අප්‍රිකානු ඉනිමේ මැද පෙළ අඩ පළ කළේය. ෆ්‍රෙඩ් ක්ලාසන් ලකුණු 20 කට කඩුලු 2 ක්ද, බාස් ඩි’ලීඩ් ලකුණු 25 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ග්‍රෝවර්ට අනගි සහායක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තේය. එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කොලින් ඇකර්මාන් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් නෙදර්ලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

ආරම්භක පිතිකරුවන් වූ ස්ටෙෆාන් මයිබර්ග් පන්දු 30 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 37 ක්ද, මැක්ස් ඕඩොව්ඩ් පන්දු 31 හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 29 ක්ද රැස්කරමින් නෙදර්ලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ටොම් කූපර් පන්දු 19 කදී වේගවත් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි.


නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 4 කට 158
(ස්ටෙෆාන් මයිබර්ග් 37, මැක්ස් ඕඩොව්ඩ් 29, ටොම් කූපර් 35, කොලින් ඇකර්මාන් නොදැවී 41, කේෂව් මහරාජ් 27/2)

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 8 කට 145
(ක්වින්ටින් ඩි’කොක් 13, ටෙම්බා බවුමා 20, රිලී රූසොව් 25, ඒඩ්න් මාක්‍රම් 17, ඩේවිඩ් මිලර් 17, හෙන්රික් ක්ලාසන් 21, කේෂව් මහරාජ් 13, බ්‍රෙන්ඩන් ග්‍රෝවර් 09/3, ෆ්‍රෙඩ් ක්ලාසන් 20/2, බාස් ඩි’ලීඩ් 25/2)

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.