Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.

ඒ අනුව එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි පාකිස්තානයට එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

සුපිරි 12 දෙනාගේ වටය යටතේ තරග 5 කට ක්‍රීඩා කළ ඉන්දියාව ඉන් තරග 4 ක් ජයගෙන සෙසු තරගය පරාජයට පත්විය. ඒ අනුව ඔවුන් ලකුණු 8 ක් ලබා අවසන් පූර්ව වටයට පිවිසියේය. පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ ක්‍රීඩා කළ තරග 5 න් 3 න් ජයගෙන, තරග 2 ක් පරාජය වී ලකුණු 6 කට හිමිකම් කියමිනි.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා වන නවසීලන්තය සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා වන පාකිස්තානය අතර 9 වැනිදා සිඩ්නිහිදී පැවැත්වේ. ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා වන ඉන්දියාව සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා වන එංගලන්තය අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ 10 වැනිදා ඇඩිලේඩ්හිදීය.


 

-036


අදහස් (0)

ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.