Last Update  :  2025-12-06 18:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පැතුම්ගේ පිතිහරඹය එමිරේට්ස් පිල දිනවයි

පැතුම්ගේ පිතිහරඹය එමිරේට්ස් පිල දිනවයි

editorial - 2025 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීග‍යේ තෙවැනි තරගය ලෙස එම්.අයි. එමිරේට්ස් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඩුබායි නුවරදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ජයන්ස් ක්‍රීඩකයෝ ඕවර 14.4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 42 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 81 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ලකුණු 16 කට කඩුලු 2 ක් බිඳවැටීමෙන් අනතුරුව නායක මුයින් අලී (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 47 ක් එක්කළ පැතුම්, ඉන් නොනැවතී අස්මතුල්ලා ඔමර්සායි (නොදැවී 38) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 94 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් එම්.අයි. එමිරේට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් ලබාගත් අතර එමිරේට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක කිරන් පොලාඩ් පන්දු 33 කින් ලකුණු 50 ක් රැස්‍කළේ හයේ පහර 4 ක් සමගිනි. එහිදී තමාගේම පන්දුවලට ලැබුණු උඩ පන්දු රැකගනිමින් එමිරේට්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට නුවන් තුෂාර සමත් විය.

 

එම්.අයි. එමිරේට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 163 
(නිකලස් පූරන් 46, කිරන් පොලාඩ් 50, රොමාරියෝ ශෙපර්ඩ් නොදැවී 18, අස්මතුල්ලා ඔමර්සායි 32/2, නුවන් තුෂාර 41/2) 

ගල්ෆ් ජයන්ස්ට් පිල - ඕවර 14.4 කදී කඩුලු 4 කට 164  
(පැතුම් නිස්සංක 81, මුයින් අලී 26, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 39, ක්‍රිස් වෝක්ස් 49/2) 

-036 


අදහස් (0)

පැතුම්ගේ පිතිහරඹය එමිරේට්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.