Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයෙන් ශක්තිමත් පිලක්

එංගලන්තයෙන් ශක්තිමත් පිලක්

editorial - 2021 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලිය සඳහා සහභාගි වනවාද - නැද්ද යන්න පිළිබඳව දිගින් දිගටම පැවැති වාද විවාද මඳකට නතර කරමින් ඕස්ටේ‍්‍රලියාවට යාම සඳහා ඉතා ශක්තිමත් ටෙස්ට් කණ්ඩායමක් නම් කිරීමට එංගලන්ත කි‍්‍රකට් තේරීම් කමිටුව අද (ඉරිදා) පියවර ගත්තේය. ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට එංගලන්තයේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වන බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් ඇතුළත් නොවන්නේ ස්ටෝක්ස් නිවාඩු පිට සිටීමත් ජොෆ්රා ආචර් වැළමිටේ ආබාධයකට ලක්ව සිටීමත් නිසාය.

 

   අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත අඩවියක
  බොතම් - හෝල්ඩිං එංගලන්තයට දෙහි කපති
   අළු බඳුන තරගාවලියට කොන්දේසි

ඕස්ටේ‍්‍රලියාවේ පවතින කොරෝනා මර්ධන කොන්දේසි වලට අනුගත වීම ප‍්‍රතික්ෂේප කරමින් තරගාවලියෙන් ඉවත්ව සිටීමට ඇතැම් කී‍්‍රඩකයන් උත්සාහ කළද එංගලන්තයේ ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙතින් ඊට දැඩි ප‍්‍රහාර එල්ල විය. ඔවුන් අතර හිටපු නායක ශී‍්‍රමත් ඉයන් බොතම් ඉදිරියෙන්ම සිටියේය.

එබැවින් ‘අළු බඳුන’ තරගාවලිය සඳහා නම්කරන ලද 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම තෝරාගෙන ඇත්තේ ”කොරෝනා මර්ධන කොන්දේසිවලට බියවූවන්” කිසිවකු ඉවත් නොකරමිනි.

” ඕස්ටේ‍්‍රලියානු සංචාරයක් කියන්නේ එංගලන්තයේ  ඕනෑම කි‍්‍රකට් කී‍්‍රඩකයකුගේ අවසන් ඉලක්කයයි. අපට දැනට සිටින, කී‍්‍රඩා කිරීමේ හැකියාවෙන් යුත් සියලූම කී‍්‍රඩකයන් මේ සංචාරය සඳහා කැමැත්ත පළකිරීම සම්බන්ධයෙන් මා ඉතාමත් සතුටට පත්වෙනවා” යයි එංගලන්ත පුහුණුකරු කි‍්‍රස් සිල්වර්වුඞ් මහතා පැවසීය.

”අපේ කණ්ඩායමෙන් බාගයකට වැඩි පිරිසක් මීට පෙර  ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩා කරලා නෑ. ඒ හින්දා අපි ඉතාමත් නැවුම් හැඟීම් වලින් යුතුව, කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සඳහා ලෝකයේ තිබෙන හොඳම රටකට යනවා” යයිද සිල්වර්වුඞ් මහතා පැවසීය.

එංගලන්තයේ වේග පන්දු බලඇණිය මෙහෙවීමට මනා පළපුරුදු කාරයන් වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනාම සිටිති. මෙය බ්‍රෝඞ්ගේ සිව්වැනි අළු බඳුන සංචාරය වන අතර මෙවර අළු බඳුන තරගාවලිය ඔවුන් දෙදෙනාගේම අවසන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරය වීමට බෙහෙවින් ඉඩ තිබේ. ඔවුන්ගේ සහායට කි‍්‍රස් වෝක්ස්, මාක් වුඞ් සහ ඔලී රොබින්සන් සිටිති.

ජැක් ලීච් සහ ඩොමිනික් බෙස් දඟ පන්දු යවන්නන් වන අතර හසීබ් හමීඞ්ද සංචාරයට එක්ව ඇත්තේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවක් අහිමිව තිබියදීය.

ජොස් බට්ලර්, මාක් වුඞ්, ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මැලන්  ඕස්ටේ‍්‍රලියාවට යන්නේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම සමගින් මාසයකට වැඩි කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගත කිරීමෙන් පසුවය.

අළු බඳුන තරගාවලියේ අවසන් වරට පැවැති ටෙස්ට් තරග 9 න් තරග 6 කදීම එංගලන්තය පරාජය වි තිබේ. එහෙත් මෙවර තරගාවලියට එක්වන එංගලන්ත කී‍්‍රඩකයන් අතුරින් 10 දෙනකුම අළු බඳුන තරගාවලිය සඳහා  ඕස්ටේ‍්‍රලියාවට යන කෝඩුකාරයෝ වෙති.


එංගලන්ත ටෙස්ට් සංචිතය
ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩසන්, ජොනතන් බෙයාර්ස්ටෝ, ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සැක් ක්‍රෝලි, හසීබ් හමීඞ්, ඩැනියෙල් ලෝරන්ස්, ජැක් ලීච්, ඩේවිඩ් මැලන්, ක්‍රෙග් ඔවර්ටන්, ඔලී පෝප්, ඔලී රොබින්සන්, කි‍්‍රස් වෝක්ස් සහ මාක් වුඞ්

- 213

 


අදහස් (0)

එංගලන්තයෙන් ශක්තිමත් පිලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.