Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බොතම් - හෝල්ඩිං එංගලන්තයට දෙහි කපති

බොතම් - හෝල්ඩිං එංගලන්තයට දෙහි කපති

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

   අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත අඩවියක

පාකිස්තානු සංචාරයෙන් ඉවත් වීමත්, නිදහස පතා විවිධ කරුණු ඉදිරිපත් කරමින්  ඕස්ටේ‍්‍රලියානු සංචාරයෙන් ඉවත්ව සිටීමට උත්සාහ කිරීමත් සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයත්, එංගලන්ත කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනකුත් කි‍්‍රකට් ප‍්‍රවීණයන්ගේ උදහසට ලක්ව සිටිති.  මේ පිරිසට එළිපිටම දෝෂාරෝපණය කරන්නන් අතර ටෙස්ට් පිිටියේ සදාතනික වීරයන් දෙදෙනකු වන ශී‍්‍රමත් ඉයන් බොතම් සහ මයිකල් හෝල්ඩිං ඉදිරියෙන්ම සිටිති.

ශී‍්‍රමත් ඉයන් බොතම් පවසන පරිදි ”කි‍්‍රකට් පිටියේ අවසන් පරීක්‍ෂණයට මුහුණ දීමට සමහර කී‍්‍රඩකයන් අකමැති ගානය”. මයිකල් හෝලිඩිං මහතා පවසන පරිද එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් ඒකපාර්ශ්විකවම ගනු ලැබූ තීරණයක් අනුව, පාකිස්තානු සංචාරය අවලංගු කිරීම වෙනකක් නොව, ”බටහිර අධිපතිවාදය”යි.
 ඕස්ටේ‍්‍රලියාවේ මේ දිනවල පවතින කොරෝනා මර්ධන නීති රෙගුලාසි හේතුවෙන් තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත තත්ත්වයක පවතී. එහෙත් එය පැවැත්වෙන බව දෙරටේම කි‍්‍රකට් බලධාරීහු කියති.

එංගලන්ත කී‍්‍රඩකයන්ගේ නිරෝධායන කාලසීමාව අඩුකරගැනීම සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය මෙන්ම  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය තවමත් සාකච්ඡා කරමින් සිටිති. එබැවින් අළු බඳුන තරගාවලිය සඳහා තමන් සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩකයන් මේ සතියේදී තීරණයක් ගනු ඇත.

එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම අති විශිෂ්ට තුන් ඉරියව් කී‍්‍රඩකයකු ද වූ ශී‍්‍රමත් ඉයන් බොතම් කියන්නේ ඇතැම් කී‍්‍රඩකයන් කොවිඞ් ප‍්‍රශ්නය පිටුපස හැංගී සිටින බවයි.

”ඒක තමයි කි‍්‍රකට් පිටියේ තියෙන අවසාන සහ හොඳම පරීක්‍ෂණය. ඒත් කි‍්‍රකට් පිටියේ අවසන් පරීක්‍ෂණයට මුහුණ දීමට සමහර කී‍්‍රඩකයන් අකමැති ගානයි කියලාත් මට හිතෙනවා” යයි ශී‍්‍රමත් ඉයන් බොතම් ලන්ඩනයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතට පවසා තිබිණ.

”ඒක ගැන කරදර වෙන්න වෙනවා තමයි... මොකද එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් කි‍්‍රකට් ගහනවා කියන්නේ අවසාන ඉලක්කයයි. ඇරත්  ඕස්ටේ‍්‍රලියාවේදී කී‍්‍රඩා කරමින් ජයගත්තාම තියෙන ආහ්ලාදය වචනයෙන් විස්තර කරන්න අමාරුයි...”
”ඒක අභියෝගයක්... මම එයාලා වුණා නම්, මම මේ වෙනකොටත් මගේ ගමන සඳහා ඇඳුම් බෑගය අහුරලා ඉවරයි” යයි ද ශී‍්‍රමත් ඉයන් බොතම් පවසා තිබිණ.

මේ අතර මයිකල් හෝල්ඩිං කියන්නේ පාකිස්තානු සංචාරයෙන් ඉවත්වීමට එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි. කී‍්‍රඩකයන්ගේ මානසික සහ ශාරීරික තත්ත්වය යහපත් මට්ටමක තබාගැනීම සඳහා පාකිස්තානු සංචාරයෙන් ඉවත්වන බව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය නිවේදනය කළේය.

එංගලන්ත පිල පාකිස්තානයට යන්නේ නම් එය වසර 2005 ට පසුව එංගලන්ත කණ්ඩායමක් පාකිස්තානයේ කරනු ලබන පළමු සංචාරය වන්නට තිබණ.

එක්දින තරග 5 ක් සඳහා පාකිස්තානයට ගොස් සිටි නවසීලන්ත කණ්ඩායම පළමු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී නවසීලන්ත පිල සංචාරයෙන් ඉවත්ව ආපසු සියරට බලා ගියේය. එංගලන්ත පිලේ පාකිස්තානු සංචාරය අවලංගු වූයේ ඉන් පසුවය.

එංගලන්ත පිල විසින් සිය පාකිස්තානු සංචාරය අවලංගු කිරීමෙන් පසුව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති රමීස් රාජා මහතා කියා සිටියේ මෙම තීරණය හේතුවෙන් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව දෙකඩ වියහැකි බවයි.

”එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ නිවේදනය පිළිගන්න අමාරුයි... කවුරුවත් ඉදිරියට ඇවිල්ලා මේ තත්ත්වයට මුහුණ දෙන්න කැමති නෑ. මොකද හැමදෙනාම දන්නවා තමන් කළ දේ වැරදියි කියලා... ඒ හින්දා ඒගොල්ලන් කළේ නිවේදනයක් නිකුත් කරලා ඒක පිටිපස්සේ හැංගුණ එකයි. මේ වෙලාවේ මට මතක් වෙන්නේ ‘කළු ජීවිතත් වටිනවා’ කියලා කරපු විගඩමයි.”

”මම ඔබට සලකන්නේ ඔබට සැලකිය යුතුයි කියලා මට හිතෙන විදිහටයි. ඒ ගැන ඔබ මොනවා හිතුවත් මට කමක් නෑ. මේක තමයි බටහිර අධිපතිවාදය කියන්නේ” යයි කි‍්‍රකට් ලේඛකයන්ගේ සමාජය විසින් පිරිනමන ලද ‘පීටර් ස්මිත් සම්මානය’ දිනාගැනීමෙන් පසුව මයිකල් හෝල්ඩිං මහතා බී.බී.සී. පුවත් සේවයට පැවසීය.

මේ වන විට කි‍්‍රකට් විස්තර විචාරක වෘත්තියෙන් සමුගෙන සිටින කොදෙව් පිලේ හිටපු වේග පන්දු යවන්නා නිර්භයව අදහස් දක්වන්නකු ලෙසින් ප‍්‍රකටව සිටී.
”පාකිස්තානය සති හයක නැත්නම් සති 7 ක තරගාවලියක් සඳහා එංගලන්තයට ගියේ (2020 දී) කොරෝනා මර්ධන එන්නත එන්නත් කළියෙන්. ඔවුන් එංගලන්තයේ සිටියා. එංගලන්තයේ කි‍්‍රකට් ගැහැව්වා. ඒකෙන් එංගලන්තය ගොඩ ගියා... ”

”ඒත් දවස් 4 ක් පාකිස්තානයේ ඉන්න එක මහ කජ්ජක්ද ?... මට හොඳටම විශ්වාසයි එංගලන්තය මේ වගේ වැඩක් ඉන්දියාවට නම් කරන්නේ නෑ. මොකද ඉන්දියාව ප‍්‍රබලයි. ඉන්දියාවට සල්ලි තියෙනවා” යයි ද මයිකල් හෝල්ඩිං මහතා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

බොතම් - හෝල්ඩිං එංගලන්තයට දෙහි කපති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.