Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner මාලිංගගේ ඉරියව්ව මා වෙනස් කළේ නෑ - පළමු පුහුණුකරු

මාලිංගගේ ඉරියව්ව මා වෙනස් කළේ නෑ - පළමු පුහුණුකරු

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 28 Comment
A A A


ලසිත් මාලිංග සිය මුල් පුහුණුකරු කීර්ති ධර්මපි‍්‍රය මහතා සමග 

 

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ වාර්ෂික මළල කී‍්‍රඩා තරගයේ දී මීටර 100 ඉසව්වෙන් පළමුවැනියා වීමට නොහැකිව පශ්චාත්තාප වෙමින් සිටි කුඩා කොළු ගැටයා කි‍්‍රකට් පිටියට කැඳවාගෙන ගොස් ඔහු ලෝකයේ භයානකම වේගපන්දු යවන්නා බවට පත්කිරීමේ අඩිතාලම දැමුවේ ගාල්ල විද්‍යාලෝක විදුහලේ මළල කී‍්‍රඩා හා කි‍්‍රකට් පුහුණුකරු වූ තුසිත කාරියවසම් විසිනි.

”මල්ලි අඩන්නෙ නැතුව වරෙන් යන්න අපි කි‍්‍රකට් ගහමු” යැයි කියමින් තමන් ලසිත් මාලිංග කි‍්‍රකට් පිටියට කැඳවාගෙන ගිය බව තුසිත කාරියවසම් මහතා පවසයි.

මේ කී‍්‍රඩකයා විද්‍යාලෝක විද්‍යාලය වෙනුවෙන් කි‍්‍රකට් අතපොත් තැබුවේය.
ඔහුගේ ජීවිතයේ තවත් එක් කඩඉමක් වූයේ නෙළුව මහා විද්‍යාලය සමග නෙළුවේ දී පැවැති 17න් පහළ තුන්වැනි කාණ්ඩයේ කි‍්‍රකට් තරගයකි. මේ තර`ගය විනිශ්චය කිරීමේ යෙදී සිටියේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයකු හා කි‍්‍රකට් පුහුණුකරුවා වූ කීර්ති ධර්මපි‍්‍රය මහතාය. ධර්මපි‍්‍රය මහතා මාලිංගට වෙනත් යෝජනාවක් කළේය. ඔහු එය සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.

 

”මේ වනවිට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ අර්බුදයක් තිබුණා”
”විනය හේතු නිසා කණ්ඩායමේ කී‍්‍රඩකයන් පස් දෙනෙක් ඉවත් කරලා. අපිට වේග පන්දු යවන්නකුගේ අඩුවක් තිබුණා. ඒ නිසා මම මාලිංගගෙන් කෙළින්ම ඇහුවා මහින්දයට එන්න කැමති ද කියා. ඔහු කැමති බව කීවා” යයි එදා ඇතිවූ දෙබස් අදට ද කීර්ති සිහපත් කරයි.

 

මුල්ම පුහුණුකරු කීර්ති ධර්මපි‍්‍රය මහතා

”පුතා. මම මහින්දේ කෝච්. මට ඔයාට කණ්ඩායමේ ප්ලේස් එකක් අනිවාර්යයෙන් ම දෙන්න පුළුවන්. කැමති ද අපිට එකතු වෙන්න?” කීර්ති ධර්මපි‍්‍රය මහතා මාලිංගගෙන් විමසා සිටියේය. මාලිංග ඊට කැමැත්ත ප‍්‍රකාශ කළේය.

මාලිංගගේ නිවස අසළ පදිංචි මහින්ද විදුහලේ ගුරුවරයකු වූ කෝලිත මහතා ද මේ සඳහා විශාල දායකත්වයක් දුන්නේය. මාලිංගගේ දෙමාපියන් ද හමුවී ඒ ගැන කතා කළ කෝලිත මහතා ඔවුන්ගේද කැමැත්ත ගත්තේය.

මාලිංග මහින්දයට ගියද ඔහු විදුහලට බාර ගැනීම එවකට මහින්දයේ සිටි ඞී. කේ. අතුකෝරළ විදුහල්පතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කැරිණි. එහෙත් ලසිත්ගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අනුව උසස් පෙළ හැදෑරීමට මහින්දයට ගන්නා ලෙස යෝජනා කරන්නට කීර්තිට සිදුවිය. අවසානයේ විදුහල්පතිවරයා ඊට කැමැත්ත දුන්නේය.

 

 

මහින්ද විද්‍යාලීය කණ්ඩායම සමග හිටගෙන මැද පෙළෙහි දකුණු පැත්තේ සිට දෙවැන්නා ලසිත් මාලිංග ය.

 

විද්‍යාලෝක විදුහලේ දී උසස් පෙළ ගණිතය හැදෑරීමට සිටි මාලිංග, මහින්දයේ කෘෂිකර්ම විෂය හැදෑරීම සඳහා ඇතුළත් වූයේ ඔහුගේ ජීවිත බලාපොරොත්තු කණපිට පෙරලමිනි.
කීර්ති මහතා කියන කතාව මාලිංග සනාථ කරන්නේ මේ ආකාරයෙනි.

”මට මහින්දයට එන්න කියපු වෙලාවේ ලොකු සතුටක් දැණුනා”
”මම ගණිත අංශයෙන් උසස් පෙළ කරමින් සිටියේ. නමුත් මහින්දයේ ගණිත අංශයේ ඉඩ නැහැ කිව්වා. ඒත් මම මහින්දයට ආවා. ඇවිත් කි‍්‍රකට් ගැහුවේ වාසනාවට ද අවාසනාවට ද කියා මම දන්නේ නැහැ. විද්‍යාලෝකේ එක මැච් එකකට විතරක් සෙල්ලම් කරලා මහින්දේ බිග් මැච් තුනකට සෙල්ලම් කළා” ලසිත් මාලිංග පැවසීය.

ලසිත් මාලිංග කි‍්‍රකට් කී‍්‍රඩාවේ හිණිපෙත්තටම ගමන් කිරීමේ මුල් පියවර තැබුවේ මහින්දයෙන් වුවද ඔහු සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ තිරාණගම විද්‍යාතිලක විද්‍යාලයෙනි. එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලකුණු 141ක් ලැබූ මාලිංග අනතුරුව විද්‍යාලෝක විද්‍යාලයට පැමිණියේය.

 

 

 ඕල්කොට් පාසල් ශූරතාව දිනාගත් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම

 

සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන හතරක් හා සම්මාන තුනක් සහිතව විභාගය සමත්වූ මාලිංග ගණිත විෂයට දැක්වූයේ අසාමාන්‍ය හැකියාවකි. එහෙත් එයට කි‍්‍රකට් කී‍්‍රඩාව හරස් වූයේය. මාලිංග එදා ඒ ගැන පශ්චත්තාප වුව ද දැන් ඔහුට කණගාටුවක් දැනෙන්නේ නැත.

ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි:20 ලෝක කුසලාන දිනූ දවසේ මහ ? එකට පමණ කීර්තිගේ දුරකථනය නොනවත්වා නාද වන්නට විය. නින්දේ සිටි කීර්ති ඇමතුම ගත් විට එහා පැත්තේ සිටින්නේ ලසිත් මාලිංග නම් ලෝක කුසලානය දිනූ ශී‍්‍ර ලංකා නායකයාය. ඔහු ලෝක කුසලාන දිනාගත් මොහොතේ සිය පුහුණකරු වූ කීර්තිට කතා කළේය.

කීර්ති පවසන්නේ මාලිංග ඔහුගේ සමකාලීන කී‍්‍රඩකයන්ට වඩා වේගයෙන් පන්දු යැවීමේ සමත්කමක් දැක්වූ බවයි. මේ වේගයත් අමුතු රිද්මයත් නිසා ප‍්‍රතිවාදී කී‍්‍රඩකයෝ පන්දු තේරුම්ගත නොහැකිව දැවී ගියහ.

”මාලිංග මුල්ම තරගය කී‍්‍රඩා කලේ බූට්ස් දෙකක්වත් නැතිව. පස්සේ මෙයා මහින්දයේ කි‍්‍රකට් ගහද්දී මම දැක්කා මෙයාගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා, පන්දුව මුදාහරින අවස්ථාවේදී දකුණු පාදය පොළොවේ හැපීමෙන් එයා අපහසුතාවට ලක්වෙනවා”

පුහුණුකරුවාගේ මේ නිරීක්‍ෂණයත් සමගින් මාලිංගගේ අළුත්ම බූට් දෙකෙන් දකුණු පාදයේ මහපට ඇ`ගිල්ල තිබෙන ස්ථානය ඇගිල්ලක හැඩය සිටින ලෙස කපන්නැයි කීර්ති ඔහුට උපදෙස් දුන්නේය. ඒ උපදෙස පිළිපැදීමේ ප‍්‍රතිඵලය වූයේ මාලිංග වයිඞ් පන්දු යැවීම නතර වීමයි. ඔහුට නිවැරදි එල්ලය ලැබිණි.

කීර්ති පවසන්නේ ලසිත් පන්දුයවන්නකු ලෙස පමණක් නොව පිතිකරුවකු ලෙස ද මහින්දයේ දී දස්කම් දක්වා ඇති බවයි.

ලසිත් විද්‍යාලයීය කණ්ඩායමට එක්වූවාට පසු පැවති මුල්ම තර`ගය පැවතියේ මොරටුව වේල්ස් කුමර විදුහලත් සමගිනි. මහින්දය පරාජය අබියසය. මහින්ද පිතිකරුවෝ එකා දෙන්නා ආපසු හැරී කී‍්‍රඩාගාරයට පැමිණෙති.

ලසිත් ටිකක් වේලාසනින් පන්දුවට පහරදීමට පිටියට යැවිණි. ඔහු පිටියේ දිගට හරහට පහර දෙමින් මහින්දය පරාජයෙන් බේරාගත්තේය. ඔහු එදා ගැසූ දැවැන්ත හයේ පහර දෙකක් ගාලූ පාරේ ගිය වාහන දෙකක වීදුරු කුඩුකර තිබිණි.

”නාලන්දා විද්‍යාලය සමග පැවති තරගයකත් අපේ අවසන් පිතිකරුවන් දෙදෙනාට පන්දුවාර 25 ක් විතර ඉතිරිව තිබුණා. අපිව පරාජයෙන් බේරාගන්න මේ දෙන්නා ඉන්න  ඕනෑ. ටිකක් උඩින් ආපු ලසිත් ඒ වෙනතුරු කඩුල්ලේ හිටියා. එදා අපිට තරගය බේරාදුන්නේ ලසිත්. අනිත් අන්තයේ එක්කෙනාව බේරාගෙන අර පන්දුවාර 25 ම නාලන්දා කී‍්‍රඩකයන්ව වෙහෙසට පත්කරා”

ලසිත් මාලිංග ජාතික සංචිතයට තෝරාගැනෙන්නේ රිච්මන්ඞ් විදුහලේ ආදි සිසුවකු වූ චම්පක රාමනායකගේ මැදහත් වීමෙනි.

පිතිකරුවන් බියෙන් සලිත කරන්නට සමත් මේ පන්දුයවන්නා නිරීක්ෂණය කළ චම්පක ඔහුට ගාලූ කී‍්‍රඩා සමාජයේ දොරටු විවරකර දුන්නේය. ඒ වනවිටත් දිස්ති‍්‍රක් කණ්ඩායමටත් පළාත් කණ්ඩායමටත් තේරී සිටි මාලිංග චම්පක රාමනායක යටතේ පුහුණුව ලැබීම ඔහුගේ ගමන වේගවත් කරන්නට හේතුවක් විය.

මහින්ද විද්‍යාලය

ජාතික මට්ටමට ප‍්‍රවේශ වූ මාලිංගට බොහෝ පුහුණු කරුවන් හමුවිය. ඒ පුහුණු කරුවන් ඔහුට කවර උපදෙස් ලබා දුන්න ද මාලිංග ඒ උපදෙස් පිළිපැදීමට පෙර තම පළමු කි‍්‍රකට් පුහුණු කරුවා වූ කිර්ති අමතන්නට අමතක කරන්නේ නැත.

”දවසක් මාලිංග මට කතා කරලා ඇහුවා ලෝක ප‍්‍රසිද්ධ වේග පන්දු පුහුණු කරුවෙක් කියනවා කියා පන්දු යැවීම උඩ පැත්තෙන් හදාගත්තොත් වැඩි ඉපිලීමක් ගන්න පුළුවන් කියා. සර් මම ඒක කරන්න ද කියා මගෙන් ඇහුවා.

”මම කිව්වා ඒ දේනම් කරන්න එපා කියා. එයාගේ විශේෂත්වය මේ පන්දු යැවීමයි. ඒ විදියට අත දානනිසා ඔයාට උඩින් පන්දු යවන්න බැහැ කියා මම කිව්වා. ලසිත් ඒක පිළිගත්තා. අර ප‍්‍රසිද්ධ පුහුණුකරුවා කී දේ එදා ලසිත් කළේ නැහැ”

කීර්ති ධර්මපි‍්‍රය මහතා පවසන්නේ ලසිත් මුල් දින කිහිපයේ කොතරම් වයිඞ් පන්දු යැවුව ද තමන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් නොකළ බවයි.

”හැම කෙනෙකුටම රිද්මයක් කලාවක් තියෙනවා. ලසිත් ගේ ඉරියව්ව වෙනස් කරමු කියා ගොඩක් අය යෝජනා කළා. නමුත් මම කවදාවත් ඒකට කැමැති වුණේ නැහැ. ඒ රිද්මය වෙනස් කළා නම් අද ලෝකයේ භයානකම වේග පන්දුයවන්නා අපිට ලැබෙන්නේ නැහැ”

කීර්ති දැන් ලසිත් මාලිංගට උපදෙස් දෙන්න නොගිය ද තවමත් මාලිංග සෑම තර`ගාවලියකට ම පෙර කීර්ති මහතා ඇමතීමට අමතක කරන්නේ නැත. එමෙන් ම දක්ෂ පාසල් කී‍්‍රඩකයකු රටේ කොහේ දී හෝ දුටුවොත් ඒ ගැන කීර්ති මහතාට කියන්නට ද ලසිත් අමතක කරන්නේද නැත.

එවැනි කී‍්‍රඩකයන්ගෙන් මහින්දයට යන්න කැමතිදැයි අසන මාලිංග ඔවුන්ට මහින්දයේ දොරටු විවර කර දෙයි.

”මාලිංග කියන්නේ පුදුම  හිත හොඳ කොල්ලෙක්. හැමෝම සමග ඉතා මිත‍්‍රශීලීයි” කීර්ති ධර්මපි‍්‍රය මහතා අවසන් වශයෙන් එසේ කීවේය.


අදහස් (28)

මාලිංගගේ ඉරියව්ව මා වෙනස් කළේ නෑ - පළමු පුහුණුකරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.