Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner පීටර්සන් අපේ ගෞරවය හෑල්ලූ කළා - ස්ට්‍රෝස්

පීටර්සන් අපේ ගෞරවය හෑල්ලූ කළා - ස්ට්‍රෝස්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කෙවින් පීටර්සන් තම චරිත කතාවේ කර ඇති කරුණු මගින් තම නායකත්වය යටතේ එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම ලබාගත් ජයග‍්‍රහණ හෑල්ලූවට ලක් කර ඇතැයි එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ඩෲ ස්ට්‍රෝස් කියයි.
 
”එංගලන්ත ක‍්‍රිකට් කී‍්‍රඩාවේ එවැනි සාර්ථක කාල සීමාවක් ගැන කෙවින් කර ඇති නිෂේධාත්මක සඳහන් ඒ සමයේ කණ්ඩායමේ සිටි හැම දෙනාටම වේදනාව ගෙන දෙන්නක්” යයි ඇන්ඩෲ ස්ට්‍රෝස් ඬේලි මේල් පුවත් පතට පවසා ඇත.

”ම ගෞරවය හෑල්ලූවට ලක් වන්නේ ඒ නිසාය. අප සියලූ දෙනාම විශේෂ තත්වයක් අත්කර ගැනීමට අපමණ වෙහෙසක් ගත්තා. දැන් එය තව දුරටත් විශේෂ දෙයක් ලෙස පෙනෙන්නේ නැහැ” යයිද එංගලන්ත පිලේ හිටපු නායකයා පවසා තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක ඇන්ඩි ෆ්ලවර් මහතා එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සිටියදී ස්ට්‍රෝස්ගේ නායකත්වය යටතේ තරග කළ එංගලන්ත කණ්ඩායම තෙවරක් අළු බඳුන දිනා ගත් අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණීමටද සමත් විය.

කෙසේ වෙතත් පීටර්සන් තම කෘතියෙන් ඇන්ඩි ෆ්ලවර්ගේ කටයතු දැඩි ලෙෂ විවේචනය කර තිබේ

”කෙවින්ද ඇතූලත් වූ ඒ කාලය පිළිබඳව සෑම කෙනෙකුටම ආඩමබර විය හැකි මතකයක් තියෙනවා. නමුත් ගැටලූව වන්නේ එවැනි ආවේගාත්මක හැඟීම් තිබීමයි’ ස්ට්‍රෝස් ඬේලි මේල් පුවත් පතට කියා තිබිණ.

”එංගලන්ත කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයක් වූ කෙවින් සාධනීය කරුණු අමතක කර දමා නිෂේධාත්මක දේ ගැන පමණක් යොමුවීම දුකක්. මේ පොතේ තිබිය හැකි දේවල් ගැන හැම කෙනෙක්ම මහත් සංවේගයකින් හිටියේ. සති ගණනාවක්ම පසු කෙළේ සැකයෙන්. දැන් ඒ සියල්ල අවසන්.’

පීටර්සන් 2012 දී එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග මතභේද ඇති කර ගත් අතර දකුණු අපි‍්‍රකානු පිල සමග ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙමින් සිටියදී සිය ප‍්‍රතිවාදී කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් ස්ට්‍රෝස් සමග ආරවුලකට මැදි වූයේය.

2012 අගොස්තු මාසයේදී අන්තර්ජාතික ක‍්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගත් ස්ට්‍රෝස් මේ වන විට ‘ස්කයි ස්පෝට්ස්’ නාලිකාවේ විස්තර විචාරකයෙකි.

නිමාවූ එංගලන්ත ගිම්හානයේදී ඉන්දියානු කණ්ඩායම එංගලන්තයේදී තරග කරමින් සිටි අවස්ථාවකදී විස්තර විචාරයේ යෙදී සිටියේ ඇන්ඩෲ ස්ට්‍රෝස්ය. එහිදී මයික්‍රොපෝනය කි‍්‍රයා විරහිත කර ඇතැයි සිතූ ස්ට්‍රෝස් විසින් අසභ්‍ය වදනකින් පීටර්සන් හඳුන්වන ලදි.

”දැන් හැම කෙනෙකුටම වෙන්නේ මොනවාද කියා බලාගත හැකියි.”
”ඇත්තෙන්ම අපට ඉතාමත් සාර්ථක කාලයක් වූ ඒ සමය පිළිබඳව මේ පොතේ තිබෙන කරුණු ගැන කතා කිරීමට සිදුවීමත් කණගාටුවට කරුණක් විය හැකි බව මා ඒ දිනවලම කීවා. මට දැනුත් හිතෙන්නේ එහෙමයි” යයි කී ස්ට්‍රෝස්....

”දැන් වලාකුළ පා වෙලා ගිහිල්ලා. අමනාප හා මඩ ගැසීම් කොපමණ තිබුණත් අප හැමෝටම කාලය ගෙවී යෑමත් සමග නැවත එක් වෙන්න පුළුවන්වේවි කියා මා අවංකවම සිතනවා.

දැන් කාලයේ එක මොහොතක් විතරයි. කාලය ගෙවී යෑමත් සමග සෑම කෙනෙකුටම නරක දේවල් වෙනුවට හොඳ දේ ගැන සිහිපත් කරන්න පුළුවන් වේවි. එවිට අප කාටත් හොඳයි.’” යයිද පැවසීය.


විස්ඩන් ඉන්දියා ඇසුරිනි


අදහස් (0)

පීටර්සන් අපේ ගෞරවය හෑල්ලූ කළා - ස්ට්‍රෝස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.