Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner තීරණාත්මක කඩඉම්වල විස්කම් දස්කම්

තීරණාත්මක කඩඉම්වල විස්කම් දස්කම්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

 

තරගාවලියක් ජයගැනීමෙන් හෝ කුසලානයක් දිනාගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් උපරිම දායකත්වයක් දැක්වූ කී‍්‍රඩකයා ලෙස පිළිගැනෙන්නේ බොහෝ විට කණ්ඩායමේ නායකයාය. නැතිනම් අවසන් තරගයේ වීරයාය. ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 50 ලෝක කුසලාන දිනාගත් 1996 දී ශී‍්‍ර ලංකා පිලේ නායකයාව සිටි අර්ජුන රණතුංග සහ ශතකයක් ලබාගනිමින් අවසන් තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා පිළිබඳවත්, ශී‍්‍ර ලංකා පිල විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් පසුගිය ඉරිදා ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික නායකයා වූ ලසිත් මාලිංග සහ අර්ධ ශතකයක් ලබාගනිමින් අවසන් මහ තරගයේ වීරයා වූ කුමාර් සංගක්කාර පිළිබඳවත් ශී‍්‍ර ලාංකිකයන් තුළ ඇත්තේ එක හා සමාන ගෞරවයකි. කෘතවේදී බවකි.

කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන් කිසිදු ආකාරයකින් අමතක හෝ අවතක්සේරු නොකළද මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් සෙසු කී‍්‍රඩකයන්ගෙන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මගතොට මුණගැසෙන අයකුගෙන් විමසීමක් කළහොත් එකවරම පිළිතුරක් දීමට කිසිවකු හෝ අසමත් නොවනු ඇත. මක්නිසාද යත් ඔවුන්ගේ මතකයේ රැුඳුනු බොහෝ දේ ඇති බැවිනි.

තරගාවලියේ විවිධ අවස්ථාවන්හිදී මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ශී‍්‍ර ලංකා පිලේ සියලූම කී‍්‍රඩකයන් මුහුණ දුන් ආකාරයත් තීරණාත්මක කඩයිම් වලදී තමන් සෙස්සන්ට වඩා ඉදිරියෙන් සිටින බවත් ප‍්‍රකට කළ වෙනත් තරගාවලියක් නොවූ තරම්ය. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනන්නට ඉතාමත් සුදුසු වන්නේ එබැවිනි.

තරගාවලියේ පළමු තරගය පැවැතියේ ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර චිතගොන් නුවරදීය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිලට කුසල් ජනිත් පෙරේරා (61) සහ ඇන්ජලෝ මැතිව්ස් (43) දෙදෙනාගේ දායකත්වය හමුවේ ලකුණු 165 ක් ලබුණු නමුත් දකුණු අපි‍්‍රකානුවෝත් නොසැලී ඉලක්කය හඹා ගියහ.

වි:20 තරගයකදී අවසන්  ඕවර දෙකේදී ලකුණු 19 ක් ලබාගැනීම සාමාන්‍යය දෙයක් වන නමුත් 19 වැනි  ඕවරය ලකුණු 4 කට සීමා කළ නුවන් කුලසේකර දකුණු අපි‍්‍රකානුවන්ගේ ජය මාවත හමුවේ දැවැන්ත ගසක් සේ පතිත විය. ලසිත් මාලිංග යැවූ අවසන්  ඕවරයේදී ලබාගත යුතුව තිබූ ලකුණු 15 න් දකුණු අපි‍්‍රකානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 9 ක් පමණි.

දෙවැනි තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවමින් නෙදර්ලන්ත පිල ලකුණු 39 කට දවාගත් මැතිව්ස්, මාලිංග සහ මෙන්ඩිස් තිදෙනා ලකුණු වේගය සකස් කරගැනීමේ පදනම ශී‍්‍ර ලංකා පිලට දමා දුන්හ.  ඕවර 5 කදී ඉලක්කය සම්පූර්ණ කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ +3 කට වැඩි ලකුණු වේගයක් රඳවාගත්හ.

ඇලෙක්ස් හේල්ස්ගේ අති විශිෂ්ට ඉනිම නිසා එංගලන්තයට එරෙහිව පරාජය වූ නමුත් ඒ වන තෙක් ලකුණු සොයමින් සිටි තිලකරත්න ඩිල්ෂාන් (55) සහ මහේල ජයවර්ධන (89) ලකුණු අතරට එමින් තම කණ්ඩායමේ සෙසු සගයන්ට විශ්වාසනීයත්වය එන්නත් කළහ.  ඕනෑම මොහොතකදී  ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව තමන්ට ඇතැයි කී‍්‍රඩකයෝ සිතන්නට පටන්ගත්හ.

නවසීලන්ත පිල හා පැවැති තරගය ඊට කදිම නිදසුනක් විය.

ප‍්‍රසාද ලකුණු සමව පැවැතීම නිසා ඒ වන විටත් අර්ධ අවසන් පූර්ව තරගයක් බවට පත්ව තිබූ මෙම තරගයේදී ලකුණු 119 ක් වැනි සුළු ලකුණු සංඛ්‍යාවක් ආරක්‍ෂා කරගැනීම හුදු හිතළුවක් නොව සැබෑවක් බවට පත්කරගත හැකි යයි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ඔප්පු කර පෙන්වූහ.

නවසීලන්ත පිලට එරෙහිව පවත්වාගෙන යන සාර්ථක තරග වාර්තාව නිසාම රංගන හේරත් මෙම තරගයට කැඳවූ, කණ්ඩායමේ තාවකාලික නායකයා වූ මාලිංග කිසිදු පැකිළීමකින් තොරව සිවුවැනි  ඕවරය යැවීම වමත් දග පන්දු යවන්නාට බාර කළේය. පළමු පන්දුවේදීම මාටින් ගප්ටිල් දුවද්දී දවාගැනීමට දායක වූ හේරත් තරගය අවසන් කළේ පන්දු 21 කින් ලකුණු 03 කට කඩුලූ 5 ක් දවාගනිමිනි. මෙම ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

දිනේෂ් චන්දිමාල්ගේ තරග තහනම අවසන් වූ නමුත් ලකුණු අතර නොසිටීම නිසා අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කරම්දෝ නොකරම්දෝ යන විචිකිච්ඡුාවෙන් සිටියදී කොළඹ සිට හදිසියේම ඩකා නුවරට පැමිණි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ප‍්‍රශ්නයට මැදිහත් විය.

”අපි දැන් අවසන් පූර්ව වටයේ ඉන්නේ. තව තරග දෙකයි දිනන්න  ඕනේ......‘චණ්ඩි’ගේ තැනට ‘තිරි’ දාලා ගහමු. මාලිම කැප්ටන් කරපුවාවේ...මේ තරගාවලිය දිනාගන්න තියෙන හොඳ අවස්ථාවක්” යන කණ්ඩායමේ මතයට චන්දිමාල් නොපැකිළව හිස සැළුවේය. එය නායකයකු විසින් කි‍්‍රකට් ඉතිහාසයේ කරන ලද විශිෂ්ටතම පරිත්‍යාගය යයි නම්කළහොත් කිසිවකු ඊට එරෙහි නොවනු ඇතැයි සිතෙන්නේ අනුයාත සිදුවීම් එකිනෙක හා ගලපන විටදීය.

කොදෙව් පිලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී මහේල (0) සහ සංගක්කාර (1) දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යන විට ලකුණු පුවරුව කියැවුණේ  ඕවර 6.2 කදී කඩුලූ 3 කට ලකුණු 49 ක් ලෙසිනි. එහෙත් තිරිමාන්න සමග එක්වූ ඩිල්ෂාන් (39) දුවද්දී දැවී යාමට පෙර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක් එක් කළ අතර අනතුරුව පැමිණි මැතිව්ස් (40) සමග එක්වූ තිරිමාන්න (44) කොදෙව්වන් අපේක්‍ෂා නොකළ ඉසව්වක් වූ ලකුණු 160 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ. කොදෙව්වන් පීඩනයට ලක්වීමට එයම ප‍්‍රමාණවත් වූ අතර වර්ෂාව පිළිබඳ තිබූ අනාවැකි හේතුවෙන් සෑම  ඕවරයකදීම ලකුණු පුවරුවේ සටහන් වන ඩක්වර්ත් - ලූවිස් ඉලක්කය බලාගෙන පන්දුවට පහර දුන් කොදෙව්වෝ එන්න එන්නම වැඩිවන පීඩනය හමුවේ අමාරුවේ වැටුණහ.

මීර්පූර් කී‍්‍රඩාංගණයට වර්ෂාව කඩාවදින විටත් කොදෙව් පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් පස්දෙනාගෙන් සිවුදෙනෙක් (ඞ්වේන් ස්මිත්, කි‍්‍රස් ගේල්, ඞ්වේන් බ‍්‍රාවෝ සහ ලෙන්ඞ්ල් සිමන්ස්) ආපසු කී‍්‍රඩාගාරයට ගොස් සිටියහ. තිසර පෙරේරා වෙනුවට තරගයට පිවිසි සීකුගේ ප‍්‍රසන්න සිය පළමු පන්දුවේදීම ලෙන්ඞ්ල් සිමන්ස් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් අති විශිෂ්ට පන්දු රැුකීමක යෙදුණු අතර සෙසු පන්දු රකින්නන්ගේ දායකත්වයද නිසා ශී‍්‍ර ලංකා පිලට ලකුණු 20 ක් පමණ නවතාගත හැකි විය.

තරගය දිගටම පැවැත්වූයේ නම් ඉතිරි  ඕවර 6.1 (පන්දු 37) කින් ලකුණු 80 ක් ලබාගත යුතු විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වර්ෂාවට පින්සිදුවන්නට නොවේ. තමන්ගෙ දස්කම් වලිනි.

එතැන් සිට සිදුවූ බොහෝ දේ බොහෝ තැන්වල ලියැවී ඇතත් කුලසේකර නැවත වතාවක් 19 වැනි  ඕවරය ලකුණු 4 කට සීමා කළ බව නම් සටහන් කළ යුතුව තිබේ.
ලෝකයේ කි‍්‍රකට් කණ්ඩායම් අතර වඩාත්ම ශක්තිමත් පිතිහමුදාව සිටින්නේ තමන්ට යයි කටමැත දොඩමින් සිටි ඉන්දියානුවෝ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හමුවේ නිරුත්තර වූහ. ඉතාමත් සූක්‍ෂම සැලසුමක් නිර්මාණය කරමින්, ‘යෝකර්’ දුරින් පතිත වන පන්දු, පිට ඉන්නට එපිටින් යැවූ හෙයින් අවසන්  ඕවර 4 දී ඉන්දියාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 23 ක් පමණි.

අවසන් පූර්ව තරගයේදී කී‍්‍රඩා කළ සීකුගේ වෙනුවට අවසන් තරගයට පැමිණි තිසර පෙරේරා රවිචන්ද්‍රන් අශ්වින්ට ගැසූ හයේ පහරින් ඉගිළ ගිය පන්දුව ලෝක කුසලානයට වැටෙන විටම එය ශී‍්‍ර ලංකා පිල සතුවිය.

කණ්ඩායමේ කී‍්‍රඩකයන් 11 දෙනා පමණක් නොව, සංචිතයේ සිටින කී‍්‍රඩකයන් 15 දෙනාත්, හිටපු නායක මාවන් අතපත්ත-ු සහ චමින්ද වාස් ද ඇතුළත් පුහුණු හා සේවා මණ්ඩලයේ සියලූ දෙනාත්, තේරීම් කමිටුවේ සියලූම දෙනාත් එකසේ දායකත්වය දරමින් තරගාවලියක් ජයගත් ආකාරය විශ්මයජනකය.

 


අදහස් (8)

තීරණාත්මක කඩඉම්වල විස්කම් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.