Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වාර්තා පොතට නඩාල්ගෙන් නව පරිච්ඡේදයක්

වාර්තා පොතට නඩාල්ගෙන් නව පරිච්ඡේදයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරග බිමේ අසිරිමත්  ඉසව්වක් ලෙස ප්‍රකට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල කිරුළ 10 වැනි වරටත් දිනාගත් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ඉතිහාසයට වෙනම පිටුවක් එකතු කිරීමට සමත්විය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග ඉසව්ව විවෘත තරගාවලියක් බවට පත් කිරීමෙන් පසුව එකම තරගාවලියක් 10 වතාවක් ජයගත් පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වූ 31 හැවිරිදි නඩාල්, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලොව් වර්වින්කා ලකුණු 6-2 ක්, 6-3 ක් සහ 6-1ක් ලෙස පරාජයට පත් කරමින් මේ හපන්කම පෙන්වීය.

රෝලන්ඞ් ගැරොස් ටෙනිස් පිටිය එලෙස අනගිභවනීය වාර්තාවකින්  වර්ණවත් කළ නඩාල් ඊයේ දිනාගත්තේ ඔහුගේ 15 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවයි. ඒ සමගම ටෙනිස් පිටියේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පීට් සම්ප්‍රාස් අභිබවා යමින් වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනු ක්‍රීඩකයන් අතර දෙවැනිවා බවට පත්වීමටත් නඩාල්ට හැකිවිය. මේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ පසුගිය ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී නඩාල් පරදවා සිය 18 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ය.

වසර 2005දී හා හා පුරා ප්‍රංශ ටෙනිස් කිරුළ ජයගත් රෆායල් නඩාල් 2008 වනතුරු කිරුළ රැකගත්තේය. අනතුරුව 2010 සිට 2014 දක්වා අඛණ්ඩව පැරිස් ටෙනිස් කිරුළ ජයගැනීමට හෙතෙම සමත්වූයේ ලෝක ටෙනිස් පිටියේ නම් දැරූ ක්‍රීඩකයන් බොහෝ දෙනකු හිස් අතින් ආපසු පිටත් කරමිනි.

නඩාල් අතින් ඊයේ බිඳ වැටුණේ මාර්ටිනා නව්රතිලෝවා විසින් විම්බල්ඩන් ටෙනිස් කිරුළ 9 වතාවක් දිනාගනිමින් පිහිටුවන ලද වාර්තාවයි. ඇය හැරුණුවිට රොජර් ෆෙඩරර් සහ පීට් සම්ප්‍රාස් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ එක් තරගාවලියක් 7 වතාව බැගින් දිනාගෙන සිටිති.

 


- 077

 


අදහස් (0)

වාර්තා පොතට නඩාල්ගෙන් නව පරිච්ඡේදයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.