Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ට්‍රේලියානුවෝ තරගයට කඩාවදිති

ඕස්ට්‍රේලියානුවෝ තරගයට කඩාවදිති

Nisanka Sandeepani - 2017 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිය මංගල අළු බඳුන තරගයේදීම ලබාගත හැකිව තිබූ අගනා ශතකයක් අත පොවන මානයේ තිබියදී ජේම්ස් වින්ස් දුවද්දී දැවී ගියේ ඕස්ට්‍රේලියානු පිලට නැවතත් තරගයට කඩාවැදීමේ කපොල්ල විවර කරමිනි. නායක ජෝ රූට් (15) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නමුත් එංගලන්ත පිල ඉදිරියට ගෙනගිය ඬේවිඞ් මාලන් සහ මුයීන් අලී දෙදෙනා 2017-18 අළු බඳුන තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය වූ අද (23 වැනිදා) අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුවේ 196 වැනි ලකුණ සටහන් කළහ. 

කෙසේ වෙතත් එය ඕස්ට්‍රේලියානුවන්   අමාරුවේ දැමීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නම් නොවේ. එංගලන්තය යන්තමින් හෝ හිස ඔසවමින් සිටියදී පන්දුව කඩුල්ලට දමාගැසූ නේතන් ලයන් විසින් ජේම්ස් වින්ස් දවාගනු ලැබීමත් සමගම ඕස්ටේ්‍රලියානුවෝ යළිත් තරගයට අවතීර්ණ වූහ. 

බ්‍රිස්බේන් නුවර, ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්තයට විශාලතම පාඩුව සිදුවූයේ කණ්ඩායමේ සිටින පළපුරුදුම පිතිකරුවා වන ඇලිස්ටෙයාර් කුක් (02) සහ නායක ජෝ රූට් (15) අඩු ලකුණු වලට දැවී යාමෙනි. තරගයේ තුන්වැනි ඕවරයේදීම ඇලිස්ටෙයාර් කුක්ගේ ඉනිම නිමා කිරීමට මිචෙල් ස්ටාක් සමත් වූයෙන් එංගලන්ත පිතිකරුවෝ පසුබා ගියහ. ලකුණු  රැස්කිරීම සිදුවයේ මන්දගාමී ආකාරයෙනි. දිවා ආහාරයට පෙර යැවුනු ඕවර 29 දී එංගලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 59 ක් පමණි. 

දිවා ආහාරයෙන් පසුව පිටියට පිවිසි ජේම්ස් වින්ස්ගේ උඩපන්දුවක් ටිම් පේන් අතින් ගිළිහී ගියේය. එතැන් සිට ඕස්ට්‍රේලියානු  පන්දු යවන්නන් හමුවේ අභීතව පිත්ත හැසිරවූ වින්ස්, ආරම්භක පිතිකරු මාක් ස්ටෝන්මන් සමග එක්ව තරගයේ වාසිය එංගලන්තය වෙතට අදින්නට විය. මාක් ස්ටෝන්මන් සහ වින්ස් අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 125 කි.  වරෙක එංගලන්ත ලකුණු පුවරුව කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලෙස කියැවුණ නමුත් ලකුණු 36 කට කඩුලු 3 ක් බිම දැමීමෙන් ඕස්ට්‍රේලියානුවෝ  යළිත් තරගයට අවතීර්ණ වූහ. 

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානුවන්  සතුව ඇත්තේ වාසිදායක වාර්තාවකි. ඕස්ට්‍රේලියානු  පිල 1988 න් මෙපිට එහිදී ටෙස්ට් තරගයක් පරාජය වී නැත. අනෙක් අතට එංගලන්තයද ගැබා පිටියේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ වසර 31 කට කලිනි. 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ තරගයට කඩාවදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.