Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියකට පිවිසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි පළමු තරගය සඳහා බංග්ලාදේශයේ මිර්පූර් කී‍්‍රඩාංගණයට හෙට (27 වැනිදා) පිවිසෙන්නේ මෑත කාලයේදී ටෙස්ට් තරග වලදී ලත් අසාර්ථකත්වයේ පීඩනයද උපරිම වශයෙන් දරා ගනිමිනි.
බංග්ලාදේශ පිලට එරෙහිව මේ දක්වා පැවැති ටෙස්ට් තරග 14 කින් 13 ක්ම ජයගෙන සිටින නමුත් අද පිටියට පිවිසෙන ශී‍්‍ර ලංකා පිලට අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී තමන් දැනට අත්කරගෙන සිටින 6 වැනි ස්ථානයහෝ රැුකගැනීමට නම් අඩුතරමේ මෙම තරගාවලිය 1-0 ක් ලෙසින්වත් නිමා කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා පහත වැටීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ හත් වැනි ස්ථානයට ඇද වැටීමට සිදුවේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ශී‍්‍ර ලංකා පිල සතු වූයේ ප‍්‍රසාද ලකුණු 88 ක් පමණි. එම තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගත් හෙයින් ප‍්‍රසාද ලකුණු 2 ක් එක්කරගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 90 සීමාවට ලගා වූ නමුත් මේ වන විටත් ටෙස්ට් කි‍්‍රකට් හිණිපෙත පාමුළ සිටින බංග්ලාදේශ කණ්ඩායමට (ප‍්‍රසාද ලකුණු 18) එරෙහිව තරගයක් ජයගත නොහැකි වුවහොත් ශී‍්‍ර ලංකා පිලට ප‍්‍රසාද ලකුණු 3 ක් අහිමි වනු ඇත. එසේ වුවහොත් කොදෙව් පිලටත් වඩා පහළට වැටෙනු ඇත.
තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත් පමණක් ශී‍්‍ර ලංකා පිල හයවැනි ස්ථානය රැකගන්නා අතරම තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත්තද ශී‍්‍ර ලංකා පිලට අයත් වන්නේ ප‍්‍රසාද ලකුණු 91 ක් පමණි.
යම් හෙයකින් එක තරගයක් හෝ දිනා තරගාවලිය ජයගැනීමට බංග්ලාදේශ පිල සමත් වුවහොත් ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 83 දක්වා පහත වැටෙන අතර තරග දෙකෙහිම ජය බංග්ලාදේශය සතු වුවහොත් ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 ක් වනු ඇත.
වසර ගණනාවක් තිස්සේම ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ප‍්‍රසාද ලකුණු 100 ඉක්මවා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් පහළට ඇදී ගියේය. වසර 2010 ජූලි මාසයේදී මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගෙන යාමෙන් පසුව ටෙස්ට් තරග 32 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එයින් ජයගෙන ඇත්තේ තරග 6 ක් පමණි. තරග 12 ක් පරාජය වී තිබේ.
මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයට වැටී සිටින අතර මෙම ශ්‍රේණිගත සටහනේ ප‍්‍රසාද ලකුණු 100 ට වඩා අඩු කණ්ඩායම් දුර්වල කණ්ඩායම් සේ සැලකේ.
ටෙස්ට් කි‍්‍රකට් හිණිපෙතේ පල්ලම් බැසීමේ වඩාත්ම අහිතකර ප‍්‍රතිවිපාකය විය හැක්කේ ලෝක ටෙස්ට් ශූරතාවලියට තරග වැදීමේ අවස්ථාව ගිළිහී යාමයි. වසර 2016 දෙසැම්බර් මස 31 වැනිදා වන විට ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතරක් පමණක් 2017 දී එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා තරග වැදීමට නියමිතය. එබැවින් ඒ දක්වා පැවැත්වෙන සෑම ටෙස්ට් තරගයක්ම ඊට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් ලෙස සැලකේ.
ටෙස්ට් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩිකරගැනීමට නම් වැඩි වැඩියෙන් ටෙස්ට් තරග වලට සහභාගි වී, තරග ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු එකතුකරගත යුතුවන නමුත් මේ වසරේදී ශි‍්‍ර ලංකාවට ඉතිරිව ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 සහ මැයි මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 ක් පමණි.
ටෙස්ට් කි‍්‍රකට් හිණිපෙතේ ඉහළට යාමේ වඩාත්ම සාර්ථක ක‍්‍රමය වන්නේ තමන්ට ඉහළින් සිටින කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියකදී පරාජය කිරීමයි. එවන් අවස්ථාවකදී වැඩිපුර ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට එක්වෙයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නව පුහුණුකරුවා වන පෝල් ෆාබ්‍රේස් මහතාගේ පළමු තරගාවලිය වන්නේද බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය වන අතර වසර දෙකක කොන්ත‍්‍රාත්තුවක් මත වැඩ බාරගත් ෆාබ්‍රේස් මහතා 2016 ජනවාරි මාසය දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග රැඳී සිටීමට නියමිතය.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම
රට ප‍්‍රසාද ලකුණු
1. දකුණු අප‍්‍රිකාව 133
2. ඉන්දියාව 117
3. ඕස්ටේ‍්‍රලියාව 111
4. එංගලන්තය 107
5. පාකිස්තානය 100
6. ශ්‍රී ලංකාව 90
7. බ.ඉ.කො. 87
8. නවසීලන්තය 82
9. සිම්බාබ්වේ 34
10. බංග්ලාදේශය 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.