Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සාග් ස්කොෂ් පිටියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

සාග් ස්කොෂ් පිටියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630
 

12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) ස්කොෂ් තරග සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් සිව්දෙනෙක් සහ කී‍්‍රඩිකාවන් සිව්දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

රවිඳු ලක්සිරි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), ශමිල් වකීල් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), ගිහාන් සුවාරිස් සහ දිල්ෂාන් ගුණවර්ධන (ශ්‍රී ලංකා නාවික හමුදාව) යන කී‍්‍රඩකයන්ද, මිහිලියා මෙත්සරණි (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල), නඳුනි ගුණවර්ධන, ෆතූම් ඉසඞීන් (බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) සහ කසුනි ගුණවර්ධන (කොළඹ විශාකා විදුහල) යන කී‍්‍රඩිකාවන්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වෙති.

පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලාල් වික‍්‍රමසිංහ මහතාද, කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එල්. චන්දන මහතාද, කණ්ඩායම් කළමනාකරු ලෙස ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ලේකම් පි‍්‍රයදර්ශන ජයවර්ධන මහතාද තරගාවලියට එක් වෙති.

මෙම තරගාවලියට අදාළ තේරීම් තරග ඉකුත් දෙසැම්බර් මස 24 වැනිදා වනාතමුල්ල ද්‍රවිඩ සංගම් ස්කොෂ් කී‍්‍රඩාංගණයේදී පැවැති අතර රියර් අද්මිරාල් පාලිත වීරසිංහ, එන්. එච්. පියතිස්ස, ඒ. හේවගේ, කේ. දළුවත්ත සහ එස්. මිරගේ යන මහත්ම මහත්මීහු එම තේරීම් කටයුතු මෙහෙයවූහ.

තරගාවලිය සඳහා තෝරාගන්නා ලද පිරිමි කණ්ඩායම ද්‍රවිඩ සංගම් ස්කොෂ් කී‍්‍රඩාංගණයේදීත්, කාන්තා කණ්ඩායම හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජ ස්කොෂ් කී‍්‍රඩාංගණයේදීත් පෙබරවාරි මස 1 වැනිදා දක්වා පුහුණුවීම් වල නිරත වන බවත්, තරගාවලියට සහභාගි වීම සඳහා තමන් ඇතුළ කණ්ඩායම පෙබරවාරි මස 2 වැනිදා හෝ 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බවත් කණ්ඩායම් කළමනාකරු, ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ලේකම් පි‍්‍රයදර්ශන ජයවර්ධන මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

සාග් ස්කොෂ් පිටියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.