Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශ‍්‍රී ලංකාව 2-0 ක ජයක් සොයයි

ශ‍්‍රී ලංකාව 2-0 ක ජයක් සොයයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ‍්‍රී ලංකව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී හෙට (04 වැනිදා) ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 248 කින් ජය ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ජය ලබා 2-0 ක් ලෙස තරගාවලිය අවසන් කර ශ්‍රේණිගත කිරීමේ හය ස්ථානය රැක ගැනීමේ අවස්ථාව තිබේ.

මෙම තරගයට ද පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා පිල වෙනසකින් තොරව සහභාගි වීමට බොහෝ දුරට ඉඩ තිබේ.  

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසන්නේ ශ්‍රී ලංකා පිලෙන් ජයග‍්‍රාහි දස්කම් මෙම තරගයේදී ද බලාපොරොත්තු වන බවයි.

‘‘අපි කිසිදු අවස්ථාවක බංග්ලාදේශ පිල සැහැල්ලූවට ගන්නේ නෑ. පළමු තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන් කෙටි පන්දුවට තරමක් දුර්වල වුණා. ඩකා තණතීරුවට වඩා මෙම තණතීරුව වෙනස්. නමුත් මේ තණතීරුවෙත් වේග පන්දු යවන්නන්ට කෙටි පන්දුවෙන් සාර්ථක වීමේ හැකියාව තිබෙනවා’’ යැයි සංගක්කාර වැඩි දුරටත් පැවසීය.

බංග්ලාදේශ පිලේ හිටපු නායක තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන් පවසන්නේ මෙම ටෙස්ට් තරගයට සාර්ථකව මුහුණ දීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවයි.

‘‘පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් සියලූම ක‍්‍රීඩකයන් මානසිකව වැටුණා. නමුත් මේ තරගය ඉලක්ක කරමින් සියලූම ක‍්‍රීඩකයන් හොද මානසික තත්ත්වයක ඉන්නවා. විශේෂයෙන් අපි පන්දු රැකීම පිළිබදව අවධානය යොමු කරලා තියෙන්නේ, පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ මහේල ජයවර්ධන ඇතුළු සාර්ථක වූ සෑම පිතිකරුවකුගේම උඩ පන්දුවක් හෝ ස්ටම්ප් කිරීමක් අපේ අතින් මග හැරුණා’’

‘‘අපිට ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දුන් අවස්ථාවක් ලබා ගත්තේ නම් ඔවුන් ලකුණු 500 කට වැඩියෙන්  රැස් කරන්නේ නෑ. ලබා දුන් අතිරේක ලකුණු අපිට දැඩි අපහසුවක් බවට පත්වුණා’’ යැයි ශකීබ් අල් හසන් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 15 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 14 ක් ජය ලබා තිබේ. බංග්ලාදේශය 2000 වසරේ ටෙස්ට් තත්ත්වය ලැබීමෙන් පසු සහභාගි වූ ටෙස්ට් තරග 82 න් 68 ක් පරාජයට පත්ව තිබේ.

බංග්ලාදේශය ටෙස්ට් ශ්‍රේණිගත කිරිමේ 10 වැනි ස්ථානයේ පසු වන අතර බංග්ලාදේශ පිල සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට එරෙහිව ටෙස්ට් තරග දෙක බැගින් ජය ලබා ඇතත් එම ජයග‍්‍රහණ ලබා ඇත්තේ කී‍්‍රඩකයන්ගේ කැරළි ගැසීම් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතිශයින් දුර්වල වූ අවස්ථාවන්හිදීය.


ශ‍්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, විශ්ව ප‍්‍රනාන්දු සහ අජන්ත මෙන්ඩිස්

බංග්ලාදේශ සංචිතය:
ටමීම් ඉක්බාල්, ශම්සූර් රහමන්, මර්ෂල් අයුබ්, මොමිනුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, නසීර් හොසේන්, සොහග් ගාෂි, රොබියුල් ස්ලාම්, අල් අමීන් හොසේන්, රුබෙල් හොසේන්, මොහොමඞ් මහුමුදුල්ලා, ඉම්රුල් කයිස් සහ අබ්දුර් රසාක්

 


අදහස් (0)

ශ‍්‍රී ලංකාව 2-0 ක ජයක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.