Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 රූනිගේ හෙට දවසේ බලාපොරොත්තුව

රූනිගේ හෙට දවසේ බලාපොරොත්තුව

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව තමාට කණ්ඩායමේ කළමනාකාරීත්වයට එක්වීමේ වුවමනාවක් ඇතැයි මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු පිලේ ඉදිරිපෙළ ක්‍රීඩක වේන් රූනි පවසයි. ‘මෑන්’ යුනයිටඞ් කණ්ඩායමේ වාර්තාගත ගෝල් රැස් කරන්නා බවට පත්වූ 31 හැවිරිදි මේ ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගැනීම ගැටළුවක් නොවන තරමට මුදල් උපයා තිබේ. එබැවින් ඔහුගේ ජිවිතයේ ඉතිරි කාලය නිදහසේ ගත කිරීමට ඔහුට පුලුවන.

එංගලන්ත පාපන්දු පිලේද නායකයා වන රූනි ක්‍රීඩාව අතහැරයාමට නොහැකි තරම් ක්‍රීඩාවට බැඳී සිටින්නෙකි.  

“මගේ මුලු ජිවිතයම පාපන්දුව වටා තමයි ගෙවුණේ. ඒ නිසා ක්‍රීඩාවෙන් ඉවත්වූ දවසක ඒ  මොහොතේ සිටම මම උත්සාහ කරන්නේ කණ්ඩායමේ කළමනාකාරීත්වයට එක්වීමේ අවස්ථාව ලබාගැනීමටයි” යයි රූනි බී.බී.සී. පුවත් සේවයට කීවේය.

“වයසට යද්දී හැමෝම ක්‍රීඩාව ගැන වැඩිපුර හිතන්න පටන්ගන්නවා. මමත් කැමැතියි එහෙම කරන්න”
“අද කාලේ පාපන්දු ක්‍රීඩාවේ නිරතවන පරම්පරාවට කණඩායමේ කළමනාකාරිත්වයට එක්වීමට වුවමනාවක් නැති තරමට මුදල් තියෙනවා. ඉතින් කාට හරි ඕනෙ නම් කළමනාකාරීත්වයට එක්වෙන්න ඒක සාර්ථක වේවි” යයිද වේන් රූනි පවසයි.

මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීමත් බොබී චාල්ටන් තබා තිබූ ගෝල් 249 ක වාර්තාව පසු  කිරීමට රූනි සමත්වූයේ ස්ටෝක් හී පැවැති ප්‍රිමියර් ලීග් තරගාවලියේ විමතිය දනවන සුලු නිදහස් පහරකින් ගෝලයක් ලබා ගනිමිනි. ඒ සමගම ගෝල 1-1 ක් ලෙසින් තරගය සම විය.

වසර 15ක් පුරා පාපන්දු ක්‍රීඩාවේ ඉහළින්ම වැජඹෙන ක්‍රීඩකයකු ලෙසත්, මැන්චෙස්ටර් පිල වෙනුවෙන් ගෝල් 250ක් රැස් කළ ක්‍රීඩකයකු ලෙසත් රුනි කියා සිටියේ දැල තුළට පන්දුව යොමු කිරිමෙන් තමාට අසම සම සතුටක් ලැබෙන බවය.

තරගයක දී ගෝලයක් ලබාගැනීමේ ප්‍රීතිය සැමරීම යනු බොහෝ විට ක්‍රීඩාලෝලින්ගේ අවධානය උදුරා ගනිමින් මුලු ක්‍රීඩාංගණයම ඝෝෂාවෙන් පුරවා දැමීමට ඒ ක්‍රීඩකයාට ලැබෙන අවස්ථාවක් බව රූනි කීවේය.
“ගෝලයක් ලබාගත් විට දැනෙන හැඟීම ඉතා විස්මයජනකයි” ඔහු කියයි.

“ඒක හරියට ඔබ දිය යට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් ගෝලයක් ලබාගත්තායින් පසුව හුස්මක් ගන්න දිය මතුපිටට පැමිණි විට ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂාව ඔබට ඇහෙනවා වගේ දෙයක්. එය මොහොතකට හිත පිස්සු වට්ටන හැඟීමක්”

 

- 077

 


අදහස් (0)

රූනිගේ හෙට දවසේ බලාපොරොත්තුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.