Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පාකිස්තානය තවත් තරුවක් සොයාගනී

පාකිස්තානය තවත් තරුවක් සොයාගනී

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වි:20 තරගාවලිය සඳහා වමතින් වේග පන්දු යවන නවකයකු වන උස්මන් ඛාන් ෂින්වාරි කැඳවීමට පාකිස්තානු කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ තේරීම් කමිටුව අතර පැවැති සාතච්ඡවකින් අනතුරුව උස්මන් ඛාන් කණ්ඩායමට එක්කර ඇති අතර හෙට (බදාදා) ඩුබායි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

පාකිස්තානයේ කයිබර් පක්තුන්ඛාවා ප‍්‍රදේශයේ කී‍්‍රඩකයකු වන 19 හැවිරිදි ෂින්වාරි පසුගියදා පාකිස්තානයේ පැවැති දේශීය කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 09 කට කඩුලූ 5 ක් දවාලමින් කි‍්‍රකට් තේරීම් කමටු නිලධාරීන්ගේ අවධානයට ලක්විය. ඔහු තවමත් කී‍්‍රඩා කර ඇත්තේ පළමු පෙළ තරග 4 කට සහ වි:20 තරග 5 කට පමණි.

පාකිස්තානු පිලේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන උමර් ගුල් දණහිසේ ආබාධයක් නිසා මෙම තරගාවලියට කී‍්‍රඩා නොකරන අතර තවත් නැගී එන වමත් වේග පන්දු යවන්නකු වන මොහොමඞ් ඉර්ෆාන් උකුළු අස්ථියේ ආබාධයක් නිසා ශී‍්‍ර ලංකා - පාකිස්තාන් තරගාවලියට කී‍්‍රඩා නොකරයි.


 


අදහස් (0)

පාකිස්තානය තවත් තරුවක් සොයාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.