Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග දෙකකින් සමන්විත වි:20 කි‍්‍රකට් තරගාවලිය සඳහා, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, නුවන් කුලසේකර සහ සචිත‍්‍ර සේනානායක නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා සිටිති.
තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරගාවලියට සහභාගි නොවූ අතර ඔහුට වැඩිදුර පුහුණුවීම් කරන ලෙස උපදෙස් දී තිබිණ.
පාකිස්තානු පිලට එරෙහිව තරග කළ කුසල් ජනිත් පෙරේරා, සචිත‍්‍ර සේනානායක සහ සීකුගේ ප‍්‍රසන්න තිදෙනාම බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා තෝරා නොගැනිණ. සීමිත ඕවර තරගාවලි දෙකට සචිත‍්‍ර සේනානායක කැඳවීම නිසා ඩිල්රුවන් පෙරේරාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
මේ වන විට ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටියද එක්දින සහ වි:20 තරග සඳහා කී‍්‍රඩා කරන තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග දෙදෙනාම ශී‍්‍ර ලංකා පිලට ඇතුළත්ව සිටිති.
මහේල ජයවර්ධන සහ රංගන හේරත් දෙදෙනාම එක්දින තරගාවලියේදී විවේක ගන්වා සිටිති. ආබාධයක ලක්ව සිටින හෙයින් ළහිරු තිරිමාන්න මෙම තරගාවලි සඳහා තෝරා ගෙන නැත.
ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ විස්සයි:20 තරගාවලිය මේ මස 12 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය මේ මස 22 වැනිදා පැවැත්වේ.
ශී‍්‍ර ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරෙරා, ලසිත් මාලිංග, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ සීකුගේ ප‍්‍රසන්න.
ශී‍්‍ර ලංකා වි:20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රංගන හේරත්, ඇන්ජලෝ පෙරෙරා, ලසිත් මාලිංග, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ සීකුගේ ප‍්‍රසන්න.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.