Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දහසය දෙනාගේ වටයට එක්වූ එකම ආසියානු කණ්ඩායම වූ ජපාන කණ්ඩායම තීරණාත්මක තරගයේදී බෙල්ජියමට ප්‍රබල අභියෝගයක් විය. තරගයේ දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් වාර්තා කරමින් වැඩි වාසි අත් කරගැනීමට ජපාන කණ්ඩායම සමත් වූවද එම වාසිය පැවැතියේ විනාඩි 20කටත් අඩු කාලයකි. තරගයේ 69 වැනි මිනිත්තුවේදී තම පළමු ගෝලයත් 74 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ජපානය හා සම වන්නට බෙල්ජියානු කණ්ඩායම සමත්විය. ඉන් අනතුරුව කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් පැවැති අතර තරගයේ අතිරේක කාලයේදී එනම් 94 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බෙල්ජියානු කණ්ඩායම සමත්වූයේ තරගය 3-2ක් ලෙස ජයගනිමිනි.
වේදනාකාරී තරග පරාජයකට මුහුණ දුන් ජපාන පාපන්දු කණ්ඩායම තරගය පැවැති රොස්ටොව් ඇරීනා ක්‍රීඩාංගනයේ තමන්ගේ විවේකාගාරයෙන් නිකම ගොස් තිබුණේ ‘රුසියානු බසින්’ ‘ස්තූතියි’ යනුවෙන් සත්කාරක රුසියාවට කෘතඥ වෙමින් සහ ඔවුන්ගේ විවේකාගාරය සම්පූර්ණයෙන් පිරිසුදු කරමිනි.
තරග පරායෙන් පසු කඳුළු පිරි දෙනෙත්වලින් පිටියෙන් ඉවත් වූ ජපාන කණ්ඩායමේ මෙම ක්‍රියා කලාපය ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ හදවත් දිනාගැනීමට සමත්ව තිබේ. ජපාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් පමණක් නොව තරගය නැරඹීමට පැමිණි ජපාන පාපන්දු ලෝලීන් ද තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනයේ ඔවුන් රැඳී සිටින ස්ථාන පිරිසුදු කරන අයුරු ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවලට හසුව තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.