Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බෙල්ජියම ‘ජී‘ කාණ්ඩයේ පෙරමුණට

බෙල්ජියම ‘ජී‘ කාණ්ඩයේ පෙරමුණට

Nisanka Sandeepani - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අඞ්නාන් ජනුසාජ්ගේ විශිෂ්ට ගෝලය නිසා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් බෙල්ජියම හමුවේ ගෝල 1-0 කින් පරාජයට පත්වීමට එංගලන්තයට සිදුවිය. මෙම ජයග්‍රහණයත් සමග ‘ජී‘ කාණ්ඩයේ පෙරමුණට පත්වු බෙල්ජියමට අවසන් 16 දෙනාගේ වටයේදී ජපානය සමග තරගවැදීමේ අවස්ථාව හිමිකර ගත්තේය. පිළිමළුන් පිටුදකින මේ 16 දෙනාගේ වටයේදී එංගලන්තයට මුහුණදීමට සිදුවී ඇත්තේ භයානක කොලොම්බියාවටය.

කලිනන්ග්‍රාඞ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමු භාගයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට ඉඩක් නොලැබුණු අතර ජනුසාජ්ගේ තීරණාත්මක ගෝලය වාර්තා වුයේ දෙවැනි භාගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීය. මැන්චෙස්ටර් යුනියිටඞ් පිලේ හිටපු ක්‍රීඩකයකු වන ජානුසාජ් ප්‍රතිවාදී ගෝල සීමාවට යාර කිහිපයක් නුදුරින් සිට එල්ල කළ පහර ගෝල කණුවට අයිනෙන් ගොස් දැල තුලට පතිතවුයේ ගෝල රකින ජෝර්ඩන් පික්ෆෝර්ඞ්ට සිතාගැනීමටවත් ඉඩක් නොතබාය.

ගැරත් සවුත්ගේට්ගේ එංගලන්ත පිල මේ තරගයට එක්වූයේ ඔවුන්ගේ විශාලතම තුරුම්පුව වන නායක හැරී කේන් නොමැතිවය. ගෝල 5 ක් රැස් කරමින් මෙතෙක් තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වී සිටින කේන් විවේක ගන්වා තිබුණේ උවමනාවෙන්මය. පැනමා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයෙන් තරගය නිමා කළ ක්‍රීඩකයන් 8 ක්ම වෙනස් කිරිමටත් සවුත්ගේට් පියවර ගෙන තිබිණි.

පිළිමළුවන් පිටුදකින ඊළඟ වටයේ ඇති බරපතල කම නිසා බෙල්ජියම පිලේ පුහුණුකරු රොබේටෝ මාටින්ස් ද සිය කණ්ඩායමේ වෙනස්කම් 9 ක්ම සිදුකර තිබිණි.  

වසර 1986 තරගාවලියේදී පෘතුගාලය හමුවේ ගෝල 1-0 කින් පරාජයට පත්වීමෙන් පසුව ලෝක කුසලාන තරගයක ගෝලයක් වාර්තා කිරීමට එංගලන්තය අසමත්වූ පළමු තරගය ද ලෙස මෙය වාර්තාපොතට එක්වීය.

 

- 077

 


අදහස් (0)

බෙල්ජියම ‘ජී‘ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.