Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බැලන් ඩි’ ඕර් සම්මානය රොනාල්ඩෝට

බැලන් ඩි’ ඕර් සම්මානය රොනාල්ඩෝට

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාපන්දු කී‍්‍රඩකයකුට දිනාගත හැකි විශිෂ්ටතම සම්මානය වන වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා සම්මානය (බැලන් ඩි’ ඕර් සම්මානය) දිනාගැනීමට පෘතුගාලයේ පාපන්දු නායක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය.

”මේක අමතක නොවන මොහොතක....ඒත් මම මෙතැනින් නවතින්නේ නෑ. මට  ඕනා කරන්නේ මෙසීව අල්ලන්නයි” යයි ආජන්ටිනාවේ පාපන්දු නායක ලයනල් මෙසී අභිබවා 2014 වසරේ බැලන් ඩි’ ඕර් සම්මානය පිට පිට දෙවැනි වරටත් දිනා ගනිමින් ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ පැවසීය.

රොනල්ඩෝ මෙවර දිනාගත්තේ ඔහුගේ තුන්වැනි බැලන් ඩි’ ඕර් සම්මානයයි. පසුගිය වසරේ රොනල්ඩෝට පරදින තුරු පිට පිට සිවු වතාවක්ම බැලොන් බැලන් ඩි’ ඕර් සම්මානයට හිමිකම් කීවේ මෙසිය.

29 හැවිරිදි රොනල්ඩෝ මෙවර බැලන් ඩි’ ඕර් සම්මානය රැුක ගත්තේ 37.66% ක ඡුන්ද ප‍්‍රමාණයක් හිමිකර ගනිමිනි. ඔහුගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩක ලයනල් මෙසී ලබාගත් ඡුන්ද ප‍්‍රතිශතය 15.76% ක් වන අතර ජර්මනියේ දැල් රකින්නා වන මැනුවෙල් නියුර් 15.72% ක ප‍්‍රතිශතයක් ලබා මෙසීට සෑහෙන තරමේ සටනක් දුන්නේය.

”මම බැලන් ඩි’ ඕර් සම්මාන උළෙලකට සහභාගි වන අටවැනි වතාව මෙයයි. ඒ හැමපාරම මමයි, මෙසියි, තව කවුරුහරියි අතරේ තමයි තරගය තිබුණේ”

”මා හිතන්නේ මේ සම්මානයට මම හොඳටම සුදුසුයි කියලයි. නමුත් මෙසිත් සුදුසුයි. අපි හැමෝම සුදුසුයි” යයි ප‍්‍රංශයේ හිටපු ක‍්‍රිඩක තියරි හෙන්රි අතින් සම්මානය ලබාගත් රොනල්ඩෝ හැඟීම්බරව කීවේය.

”මම හිතුවේ නෑ තුන්වැනි පාරටත් මේ සම්මානය මට ගෙදර ගෙනියන්න පුළුවන් වේවි කියලා. මට හැමදාම  ඕන කළේ  ලෝකයේ හොඳම පාපන්දු ක‍්‍රිඩකයන් අතරට යන්නයි. මම හිතන්නේ මේ සම්මානය ඒකට මට විශාල ශක්තියක් වේවි” රොනල්ඩෝ කීවේය.

පසුගිය වසර හතක් තුලදී ලයනල් මෙසී සහ රොනාල්ඩෝ බැලන් ඩි’ ඕර් සම්මානය ඔවුන් දෙදෙනා අතර හුවමාරු කරගත්හ.

2008 වසරේ දී රොනල්ඩෝ පළමුවරට වසරේ පාපන්දු ක‍්‍රීඩකයා සම්මානය දිනාගැනීමෙන් පසුව 2009, 2010, 2011 හා 2012 වසර හතරේ දී

පිට පිටම මෙසීට මේ සම්මානය අයිතිවිය. බැලන් ඩි’ ඕර් සම්මානය නැවත රොනල්ඩෝගේ දෝතට ගියේ 2013 වසරේ සිටය.

වසර 2014 දී තරග 43 කට සහභාගිවෙමින් රොනල්ඩෝ ලබාගත් ගෝල සංඛ්‍යාව 52 කි.


අදහස් (1)

බැලන් ඩි’ ඕර් සම්මානය රොනාල්ඩෝට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.