Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු නිලධාරී මණ්ඩලයත් කෝප් කමිටුව හමුවට කැඳවයි

පාපන්දු නිලධාරී මණ්ඩලයත් කෝප් කමිටුව හමුවට කැඳවයි

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් ප්‍රධානීන්ට ලබන බදාදා (21 වැනිදා) පස්වරු 2.00 ට zකෝප්Z කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

විදෙස් මූල්‍යාධාර මත යැපෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික ක්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඇමරිකානු ඩොලර් ලක්ෂ 13 කට වැඩි මුදලක් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා වාර්ෂිකව ලැබෙයි. එම මූල්‍ය ආධාර බහුතරයක් සපයන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුව විසිනි.

පාපන්දු සම්මේලන ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට පසුගිය වසර කීපයකම එහි ගිණුම් හා අයවැය වාර්තා පරීක්ෂා කිරීමට කෝප් කමිටුව සැරසේ. ඒ සඳහා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා, ලේකම් ජස්වර් උමාර් යන මහත්වරු සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ‘කෝප්’ කමිටුව හමුවට කැඳවීම් ලබා සිටිති.  ක්‍රීඩා අමාත්‍යාංශයේ පාර්ශ්වය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යංශ  ලේකම්වරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් ද එදින කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

පාපන්දු සම්මේලනයේ 2018 දී  සිටි ප්‍රධානීන්  ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ.

ලබන මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිත පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය (2021-22) සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන අඟහරුවාදා (20) දහවල් 12ට අවසන් වේ.  පාපන්දු සම්මේලනයේ ප්‍රධානින් කෝප් කමිටුව හමුවට මුලින් කැඳවා තිබුණේ එදිනය.  කෙසේ වුවත් නාමයෝජනා බාරදීම සඳහා ඉඩකඩ සලසා දෙමින් ඔවුන්ගේ ඉල්ලීමක් පරිදි එය දිනකින් පස්සට ගැනීමට කෝප් කමිටුව පසුව එකඟවී තිබේ.

පාපන්දු සම්මේලනයේ ඇතැම් වර්ෂවල වියදම් රුපියල් මිලියන 270 ක් තරම් ඉහළ ගොස් තිබෙන අතර එහි වාර්ෂික වියදම් අගය රුපියල් මිලියන 250 ක් පමණ වේ.

වසර 2017 දී හෙළිකරගත් බව කියන තොරතුරු මත පාපන්දු සම්මේලනයේ සේවය කරමින් සිටි ප්‍රධාන මූල්‍ය කළමනාකරුවෙකුට එහි රුපියල් මිලියන 28 කට ආසන්න මුදලක් අවභාවිතා කිරීම ගැන චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා කුරුඳුවත්ත පොලිසියේ පැමිණිලි දෙකක් ද ඉදිරිපත් වී තිබේ.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල අවසන් ප්‍රතිඵලයක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත.

පාපන්දු සම්මේලනය කලින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ චෝදනාලාභි මූල්‍ය කළමනාකරු ඔහුගේ පෞද්ගලික දේපල හැකි ඉක්මනින් විකුණා මෙම මුදල් පියවීමට කටයුතු කරන බවට කුරුඳුවත්ත පොලිසියට ප්‍රකාශයක් ලබාදුන් බවයි.


අදහස් (0)

පාපන්දු නිලධාරී මණ්ඩලයත් කෝප් කමිටුව හමුවට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.