Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ඉනිස්ටා පාපන්දු දිවියෙන් සමුගනියි

ඉනිස්ටා පාපන්දු දිවියෙන් සමුගනියි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ මැදපෙළ ක්‍රීඩා කරන්නෙකු වන ඇන්ඩ්‍රීස් ඉනිස්ටා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ඊයේ (1 වැනිදා) රුසියාවට එරෙහි තරගය දඬුවම් පහර 4-3 කින් පරාජය වීමත් සමග අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට කාලය එළඹ ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

දකුණු අප්‍රිකාවේ පැවැති 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී, නෙදර්ලන්තයට එරෙහිව 116 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් ස්පාඤ්ඤයට ලෝක කුසලානය දිනා දීමට මොහුට හැකියාව ලැබිණ.

වසර 2022 දී කටාර්හිදී මීලගට පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙද්දී ඉනිස්ටාට වයස අවුරුදු 38ක් වන හෙයින් මෙම ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවත්වීමට තීරණය කර ඇතිබව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 2006 දී ස්පාඤ්ඤය වෙනුවෙන් පාපන්දු වරම් හිමි කරගන්නා ඉනිස්ටා මෙතෙක් අන්තර්ජාතික තරග 131කට ක්‍රීඩාකර තිබේ. මැදපෙළ ක්‍රීඩාකරන්නෙකු ලෙස කටයුතු කිරීම නිසා ක්‍රීඩාවට සමුදෙන විට ඉනිස්ටාට ලබා ගැනීමට හැකිවී ඇත්තේ ගෝල 13 ක් පමණි. 2010 පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී නියමුවා බවට පත්වූ ඉනිස්ටා 2008 සහ 2012 වසරවලදී යුරෝපීය ශූරතාවලිය ස්පාඤ්ඤයට දිනාදීමේ මූලික පුරුකක් ලෙස කටයුතු කර ඇත.

 “ ඇත්ත වශයෙන්ම මම ස්පාඤ්ඤය සමගින් ක්‍රීඩා කළ අවසන් තරගය තමයි මේක. සමහර අවස්ථාවලදී, සෑම අවසානයක්ම සුබවාදීව අවසන් වෙන්නේ නැහැ. නමුත් එය මගේ ක්‍රීඩා දිවියේ අවාසනාවන්තම දිනයයි.“ යැයි ඊයේ රුසියාවට එරෙහිව ලැබූ පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉනිස්ටා ප්‍රකාශ කර සිටියේය.

වයස 12 සිටම ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඉනිස්ටා මේ වනවිට තරග 674 කට ක්‍රීඩාකර තිබේ.


- 024

 


අදහස් (0)

ඉනිස්ටා පාපන්දු දිවියෙන් සමුගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.