නාමල් පතිරගේ
ශූරයන්ගේ (චැම්පියන්) ලීග් පාපන්දු තරගාවලිය (2025/26) අද (21) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ඇරඹේ. දිවයිනෙන් නම ගිය පාපන්දු ක්‍රීඩා සමාජ 14 ක් තරග වදින එහි සමාරම්භක උත්සවය හෙට (22) 1 ට එහිදී පැවැත්වේ.
වසර තුනක නිහැඩියාවකින් පසුව නැවැත තරගාවලිය හෙට සිට ලබන පෙබරවාරි දක්වා සෑම අති අන්ත දින දෙකේදී (සෙනසුරාදා - ඉරිදා) පැවැත්වීමට සැළසුම් කර තිබේ.
කණ්ඩායම් 14 ක් ඒ හා බී කාන්ඩ දෙකකින් මූලික වටයේදී ප්‍රතිවාදීන් එකිනෙකා සමග තරග වැදීමෙන් අනතුරුව එහි වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් වන කණ්ඩායම් හතරක් බැගින් දෙවනුව ආරම්භ වන සුපිරි අට වටයට යොමු කෙරේ.
එහි වැඩිම ප්‍රසාද ලකුණු ලාභියා රුපියල් මිලියනයක් හිමි වන තරගාවලියේ ශූරතා කුසලානට හිමි කම් කියයි. තරගාවලියට ඇතුළත් මුළු තරග සංඛ්‍යාව 85 කි. මේ අතර සුපිරි අට වටයට නිර්දේශ නොවන කණ්ඩායම් හයක් අතර වෙනම තරග වටයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහි අරමුණ තරගකාරීත්වය ඉහළ දමමින් එහිදී පහළටම වැටෙන කණ්ඩායම් දෙකක් තරගාවලියෙන් ඉවත් කර ලබන වසරේ (2026/27) පැවැත්වෙන ශූරයන්ගේ තරගාවලියේදී එම ඉඩ පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියේ (2025) ශූරයන්ට හා අනුශූරයන්ට ලබාදීමයි.
තරගාවලියට සුප්‍රරියර් රූපවාහීනී මාධ්‍ය ජාලය අනුග්‍රාහය දක්වයි.ඊට සහභාගි වන කණ්ඩායම් සදහා සෑම තරගයක් වෙනුවෙන්ම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයෙන් රුපියල් ලක්ෂයක් බැගින් ගෙවීම් ලබා දේ. ඒ හැරෙන්නට සියළු කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ප්‍රදානයක්ද සිදු කෙරේ.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වසර 2025 අය වැය ඇස්තමේන්තුවට අනුව ශූරයන්ගේ තරගාවලිය හා අනතුරුව ඇරඹෙන (2026) සුපිරි ලීග් තරගාවලිය සදහා රුපියල් හය කෝටි හැත්තෑ හතර ලක්ෂයකට වැඩි (67488000) මුදලක් වෙන් කර තිබුණි.
අවසන් වරට පැවැති ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ (2021/22) ශූරයන් වූයේ මාතර සිටි ක්‍රීඩා සමාජයයි.
තරගාවලියට (2025/26) සහභාගි වන ක්‍රීඩා සමාජ
* ඒ කාන්ඩය - : ජාවාලේන්, සෝන්ඩර්ස් , බේරුවල නිව් ස්ටාර්, මාවනැල්ල සෙරන්ඩීබ්, මධ්‍යම ගමනා ගමන මණ්ඩල, මීගමුව යූත්, කුරුණෑගල ක්‍රිස්ටල් ෆැලස්.
*බී කාන්ඩය : - මාතර සිටි, අනුරාධපුරය සොලිඩ්, මොරගස්මුල්ල ක්‍රී.ස.,පොලිස්, බේරුවල සුපර් සන්, කුරුණෑගල ෆෙලිකන්ස් , හලාවත ශාන්ත මේරි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.