Last Update  :  2026-01-22 16:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බංග්ලාදේශය 5-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

බංග්ලාදේශය 5-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2026 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු ෆුට්සාල් පාපන්දු තරගාවලියේ අඟහරුවාදා (20 වැනිදා) පැවැති තරගයකදී ගෝල 5-1 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 2-1 ක් ලෙස පෙරමුණ ගත් බංග්ලාදේශ ක්‍රීඩකයන්, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 3 ක් වාර්තා කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේ එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට ඉඩක් ලබා නොදෙමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට මොහොමඩ් ෆයිසර් හිමිකම් කීවේය. 

මින් පෙර පැවැති තරගවලදී භූතානය සමග ගෝල 3-3 ක් ලෙස සමවූ ශ්‍රී ලංකාව, නේපාලය හමුවේ ගෝල 2-1 ක් ලෙසත්, පාකිස්තානයට හමුවේ ගෝල 5-2 ක් ලෙසත් පරාජයට පත් විය. මේ වන විට එක් ලකුණක් ලබා සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සහභාගි වන සෙසු තරග දෙක 24 වැනිදා ඉන්දියාවට එරෙහිවත්, 26 වැනිදා මාලදිවයිනට එරෙහිවත් පැවැත්වෙනු ඇත. 

මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්වනු ඇත. 

-036 


අදහස් (0)

බංග්ලාදේශය 5-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.