දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා ෆුට්සාල් පාපන්දු තරගාවලියේ ඊයේ (21 වැනිදා) පැවැති තරගයකදී ගෝල 6-3 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පළමු අර්ධය අවසානයේ ගෝල 2-2 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවූ අතර දෙවැනි අර්ධය තුළ ශ්‍රී ලංකාව එක් ගෝලයකට සීමා වෙද්දී, ගෝල 4 ක් වාර්තා කළ බංග්ලාදේශය තරගයේ ජය තමන් සතුකර ගත්තේය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමේෂා කංකානම්ගේ ගෝල 2 ක්ද, ශානු පාස්කරන් එක් ගෝලයක්ද ලබාගත්හ.
මින් පෙර පැවැති තරගවලදී නේපාල කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පාකිස්තාන කාත්නා කණ්ඩායම හමුවේ ගෝල 3-2 ක් ලෙසද, භූතාන කාන්තා කණ්ඩායම හමුවේ ගෝල 5-1 ක් ලෙසත් පරාජයට පත් විය.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම එහි ශූරියන් බවට පත්වනු ඇත.
මේ වන විට එක් ලකුණක් ලබා ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන සෙසු තරග දෙක හෙට (23 වැනිදා) මාලදිවයිනට එරෙහිවත්, 25 වැනිදා ඉන්දියාවට එරෙහිවත් පැවැත්වෙනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.