Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව අතර පැවැති කටා්ර්-2022 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක් කොරෝනා මර්ධන නීති රෙගුලාසි බිඳ දැමීමක් හේතුවෙන් අතරමගදී නවතා දැමිණ. බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවරදී ඉරිදා පැවැති මෙම තරගය විනාඩි 07 ක් පමණක් පැවැති අතර බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් පිටියට කඩා වැදී තරගය නතර කළහ.
තරග තීරකවරයාගේ නිර්දේශය අනුව තරගය අත්හිටුවා තිබේ. එහි ඉරණම පසුව දැනුම්දීමට නියමිතය.
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව දකුණු ඇමරිකානු මහාද්වීපයේ දැවැන්තයන් දෙදෙනා වන බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව ඒ වන විටත් පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටියහ. තරග 7 කට පසුව බ්‍රසීලය ප්‍රසාද ලකුණු 21 ක් ද ආර්ජන්ටිනාව ප්‍රසාද ලකුණු 15 ක් ද හිමිකරගෙන සිටියහ.
කොරෝනා මර්ධන නීතිරීති හේතුවෙන් තරගය නැරඹීම සඳහා අවසර දී තිබුණේත් නරඹන්නන් 1500 කට පමණි.
තරගය ආරම්භ වීමටත් පෙරම බ්‍රසීලයේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන, එංගලන්තයේ සිට පැමිණි ක්‍රීඩකයන් 4 දෙනකු වහාම නිරෝධායනයට යොමු කළ යුතු බවයි.
බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්‍ෂණ ඒජන්සියේ චෝදනාව වූයේ එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ටොටන්හැම් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ආර්ජන්ටිනා ක්‍රීඩකයන් වන ගියෝවන්නි ලෝ සෙල්සෝ සහ ක්‍රිස්ටියන් රොමේරෝ දෙදෙනාත්, ඇස්ටන් විලා ක්‍රීඩා සමාජයේ එමිලියානෝ මාටිනස් සහ එමිලියානෝ බුඑන්ඩියාත් බ්‍රසීලයට ඇතුළු වීමේදී සාවද්‍ය තොරතුරු දී ඇති බවයි.
ඔවුන් සිවුදෙනාගෙන් ලෝ සෙල්සෝ, ක්‍රිස්ටියන් රොමේරෝ සහ මාටිනස් යන තිදෙනාම ආර්ජන්ටිනා පිලේ ආරම්භක ක්‍රීඩකයන් 11 දෙනා අතර සිටියහ. බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්‍ෂණ ඒජන්සියේ නිලධාරීන් තරගයට කඩාවැදුණේ එය හේතුවක් කරගනිමිනි. මේ තිදෙනාම බ්‍රසීලයට ඇතුළුවීමට දින 14 කට පෙර එංගලන්තයේ සිටි බව ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රසීලයේ මියගිය පිරිස 580,000 ඉක්මවයි.
එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බ්‍රසීල ක්‍රීඩකයෝ 9 දෙනෙක්ම සිය ක්‍රීඩා සමාජ වලින් එල්ලවූ විරෝධතා හේතුවෙන් බ්‍රසීලයට නොයා සිටියහ. මෙම තත්ත්වය හේතුවෙන් බ්‍රසීල කණ්ඩායම සෑහෙන දුර්වලතාවකින් සිටියේය.
කෙසේ වෙතත් බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්‍ෂණ ඒජන්සි නිලධාරීන් ක්‍රීඩා පිටියට කඩාවැදීමෙන් පසුව ඇතිවූ තත්ත්වය සමනය කිරීම සඳහා ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී සහ ඔහුගේ කණ්ඩායම ආරක්‍ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පිටියෙන් ඉවතට කැඳවාගෙන යන ලදි.
සිදුවීම සම්බන්ධයෙන් ආර්ජන්ටිනා නායකයා සිය අප්‍රසාදය පළකර තිබිණ.
“අපි දවස් තුනක් මෙහි හිටියා. ඇයි දැන් මේවගේ දෙයක් කරන්නේ?” යයි ලයනල් මෙසී පවසා තිබිණ.
ආර්ජන්ටිනාවේ පුහුණුකරු ලයනල් ස්කැලෝනි මහතාද එවැනිම අප්‍රසාදයකින් සිටියේය.
“ඔවුන්ට මෙම තරගයට ක්‍රීඩා කරන්න බෑ කියලා කිසිම වෙලාවක අපට කිව්වේ නෑ” යයි ඔහු කීවේය.
ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම සඳුදා අලුයම වන විට නැවතත් සියරට බලා ගොස් තිබිණ.
“මේ ක්‍රීඩකයන් හතර දෙනාටම අපි කිව්වේ හුදෙකළා වී සිටින ලෙසයි. මොකද ඔවුන්ව ආපසු බ්‍රසීලයෙන් පිටමං කිරීමට සූදානම් කර තිබුණේ. ඒත් ඔවුන් කිව්ව දේ ඇහැව්වේ නෑ. ඔවුන් ක්‍රීඩාංගණයට ගියා විතරක් නෙමේ පිට්ටනියටත් ඇතුළු වුණා. ඒක බරපතළ ගනයේ කොවිඞ්-19 රෙගුලාසි උල්ලංඝණය කිරීමක්” යයි බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්‍ෂණ ඒජන්සියේ අධ්‍යක්‍ෂ ඇන්ටෝනියෝ බාරා මහතා පැවසීය.
ජූනි මස 23 වැනිදා සිට බ්‍රසීලයේ පවතින නීතිය වන්නේ එක්සත් රාජධානියෙන්, ඉන්දියාවෙන් හෝ දකුණු අප්‍රිකාවෙන් එන කිසිම විදේශිකයකු රටට ඇතුළුවීම තහනම් කර තිබෙන බවයි. ඒ කොරෝනා වයිරසයේ විභේදන නොහොත් විකෘති වෛරස බ්‍රසීලයට ඇතුළුවීම නතර කිරීමේ අටියෙනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.