Last Update  :  2026-01-23 18:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මාලදිවයින පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මාලදිවයින පරදවති

editorial - 2026 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා ෆුට්සාල් පාපන්දු තරගාවලියේ අද (23 වැනිදා) පැවැති තරගයකදී ගෝල 7-6 ක් ලෙස මාලදිවයින් කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 4-3 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝල 3 බැගින් රැස්කිරීම හේතුවෙන් නියමිත කාලය අවසානයේ ශ්‍රී ලංකාවට ගෝල 7-6 ක ජයක් හිමිවිය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමේෂා වර්ණකුලසූරිය ගෝල 3 ක්ද, තරිදි වැලිවිට ගෝල 2 ක්ද, තිලාෂා ඩයස් එක් ගෝලයක්ද බැගින් ලබාගත්හ. සෙසු ගෝලය මාලදිවයින් ක්‍රීඩිකාවක් ඔවුන්ගේ දැල වෙතම පන්දුව යෙමුකිරීම හේතුවෙන් හිමිවූ (ඕන්) ගෝලයක් විය. 

මින් පෙර පැවැති තරගවලදී නේපාල කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පාකිස්තානය හමුවේ ගෝල 3-2 ක් ලෙසත්, භූතානය හමුවේ ගෝල 5-1 ක් ලෙසත්, බංග්ලාදේශය හමුවේ ගෝල 6-3 ක් ලෙසත් පරාජයට පත්වූහ.  

මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම එහි ශූරියන් බවට පත්වනු ඇත. 

මාලදිවයින හමුවේ ලැබූ ජයත් සමග ලකුණු 3 ක් හිමිකරගත් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, මේ වන විට මුල ලකුණු 4 ක් ලබා ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් මෙම තරගාවලියේදී සහභාගි වන අවසන් තරගය අනිද්දා 25 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙනු ඇත. 


-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මාලදිවයින පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.