Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඊයේ (21) කළ අලුත්ම කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පියවර හතරකින් ඉදිරියට පැමිණෙමින් 193 වැනි ස්ථානයට පත්ව සිටියි.ඒ මෙතෙක් ගත කළ එහි 197 වැනි ස්ථානයෙන් ඉවත් වෙමිණි.
පසුගිය ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී පැවැති ආසියානු කුසලාන (2027) නිර්දේශ තෙවැනි වටයේ තරගයකදී තුර්ක්මෙනිස්ථානය පරාජයට (1 - 0) පත් කිරීමෙන් ලද වාසියද යොදා ගනිමිනි. ශ්‍රී ලංකාව වසර දශකයකට පමණ පසුව මෙසේ ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම්හි වඩාත් ධනාත්මක ප්‍රවර්ධනයක් ලබමින් එසේ 193 වැනි ස්ථානයට ළගාවී සිටියි.
කෙසේවූවත් තුර්ක්මෙනිස්ථානය හමුවේ පසු ගිය ඔක්තෝබර් 13 වැනිදා එරටදී ශ්‍රී ලංකාව ගෝල 2 - 1 කට පරාජය නොවන්නට ශ්‍රී ලංකාවට එම ලෝක ශ්‍රේණිගත කිරීම්හි 191 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිව තිබුණි.
එම නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හමුවේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 43 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන ආසියානු පාපන්දු සමුළුවේ සාමාජික රටවල් ගණන 46 කි. ශ්‍රී ලංකාව මීට ඉහතදී එහි අවසන් ස්ථානය (46) දක්වා පහතටම ඇද වැටී තිබුණේ ඒ වන විට ලෝක පාපන්දු (කණ්ඩායම් - පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව 207 තරම් පහළම අගයක රැදී සිටිමිනි.ඒ වසර 2022 ජූලි මාසයේ තරම්‍ය.
වසර 2024 දී ශ්‍රී ලංකාව ඉහත ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානය අත් කර ගෙන තිබේ. ඒ අනුව වසර 2016 දී ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත 195 වැනි ස්ථානය අත් කර ගැනීමෙන් පසුව වඩාත් ඉහළම ශ්‍රේණිගත කිරීමකට ලක්වූයේ ඊයේ (22) දිනයේදීය.
ලෝක පාපන්දු ශ්‍රේණිගත ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය මෑත කාලීනව විමසා බැලිමේදී ශ්‍රී ලංකාව වසර 2025 මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග සහභාගිත්වයේදී වඩාත් ප්‍රගතියක් අත් කර ගෙන තිබේ .ඒ මෙතෙක් සහභාගි වූ තරග අටකින් හතරක් ජය ගනිමිනි.එක් තරගයක් සම වෙද්දී සෙසු තරග තුනකින් ශ්‍රී ලංකාව එහිදී පරාජයවී තිබේ.
එහිදී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාව තමන්ට වඩා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව බොහෝ ඉදිරියෙන් පසුවූ ප්‍රතිවාදින් පරාජය කිරීමට සමත්වීමයි.
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 9 වැනිදා කොළඹදී තුර්ක්මෙනිස්ථානය පරාජය කරන විට ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම් 138 වැනි ස්ථානයේ පසු විය.ඒ අතර ජූනි 10 වැනිදා කොළඹදී ශ්‍රී ලංකාව විසින් පරාජය කළ චීන - තායිපේ ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි පසු වූයේ 171 වැනි ස්ථානයේය.
ඊයේ කළ අලුත්ම ලෝක පාපන්දු (කණ්ඩායම් - පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකට ස්පාඤ්ඤය පැමිණ සිටියි.දෙවැනි තැන ආජන්ටිනාවට හිමිව තිබේ.එම ශ්‍රේණිගත කිරිම් අනුව 19 වැනි ස්ථානයට පැමිණ සිටින ජපානය ඒ සමග ආසියාවේ පළමු තැනට පත්ව සිටියි.
ශ්‍රී ලංකාව නියෝජනය කරන දකණු ආසියාවේ සෙසු රටවල් අතර ඉන්දියාව 136 වැනි ස්ථානයටත් මාලදිවයින 173 වැනි ස්ථානයටත් නේපාලය 180 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 183 වැනි ස්ථානයටත්, භූතානය 189 වැනි ස්ථානයටත් හා පාකිස්තානය 198 වැනි ස්ථානයටත් අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව පත්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.