
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය යටතේ පැවැති තරග 4 ක් අද (8 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් වූ අතර එම තරගවල අවසන් දිනයේදී ශතක වාර්තා කිරීමට නුගේගොඩ කණ්ඩායමේ පුලිඳු පෙරේරා සහ බී.ආර්.සී. කණ්ඩායමේ රොෂේන් සිල්වා සමත් වූහ.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සී.සී.සි. කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදුන් නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා පන්දු 131 කින් නොදැවී ලකුණු 129 ක් රැස්කළේ හයේ පහර 6 ක් දහ හතරේ පහර 14 ක් සමගිනි.
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී මුවර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් ඉතා ඉවසිලිමත් පිතිහරඹයක නිරත වූ රොෂේන් සිල්වා පන්දු 220 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස්කළේය. මෙය රොෂේන්ගේ 29 වැනි පළමු පෙළ ශතකයද විය.
පළමු සතියේදී ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වූ තරගවලදී සී.සී.සී. කණ්ඩායමේ නිෂාන් පීරිස් නුගේගොඩ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක්ද, බදුරලිය කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක්ද බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූහ.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. - නුගේගොඩ තරගය ජය පැරදුමකින් තොරයි
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 452
(නිෂාන් මධුෂ්ක 21, ලසිත් කෲස්පුල්ලේ 21, සහන් කෝසල 75, ධනංජය ද සිල්වා 117, පවන් රත්නායක 98, සොනොල් දිනූෂ 37, නිෂාන් පීරිස් නොදැවී 32, මධුක ලියනපතිරණගේ 115/6, තිලකරත්න සම්පත් 109/2)
නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 238
(අවිෂ්ක පෙරේරා 23, ලොහාන් ද සිල්වා 51, කෙවින් පෙරේරා 41, මධුක ලියනපතිරණ නොදැවී 29, සචිඳු කොළඹගේ 28, නිෂාන් පීරිස් 67/7)
නුගේගොඩ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 200
(පුලිඳු පෙරේරා නොදැවී 129, තිලකරත්න සම්පත් 34, පැතුම් කුමාර නොදැවී 30)
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මුවර්ස් - බී.ආර්.සී. තරගය ජය පැරදුමකින් තොරයි
මුවර්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 336
(සදීර සමරවික්‍රම 21, ජනිෂ්ක පෙරේරා 27, සොහොන් ද ලිවේරා 38, පසිඳු සූරියබණ්ඩාර 100, රමේෂ් මෙන්ඩිස් 47, මිලාන් රත්නායක 35, සන්තුෂ් ගුණතිලක 23, ශෂික දුල්ෂාන් 108/4, මොහොමඩ් ශිරාස් 42/2)
බී.ආර්.සී. පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 211
(හෂාන් දුමිඳු 34, රොෂේන් සිල්වා නොදැවී 100, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 52, ශිරාන් ප්‍රනාන්දු 41/2)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් - කුරුණෑගල යොවුන් තරගය ජය පැරදුමකින් තොරයි
ඒස් කැපිටල් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 406
(පවන්ත වීරසිංහ 65, නිමේෂ ගුණසිංහ 85, කවිඳු කුලසේකර 40, හිමාෂ ලියනගේ නොදැවී 106, වනුජ සහන් 32, රොෂාන් ජයතිස්ස 40, දිනුෂ්ක මාලන් 66/5, චාමික එදිරිසිංහ 108/2)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 298
(ගයාන් මනීෂාන් 39, ලක්ෂාන් එදිරිසිංහ 24, මනෝජ් සරත්චන්ද්‍ර 47, රන්දීර රණසිංහ 54, ළහිරු ජයරත්න නොදැවී 57, රෙෂාන් ජයතිස්ස 45/3, ඉසිත විජේසුන්දර 72/3, වනුජ සහන් 88/2)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 91
(පවන් පතිරාජ නොදැවී 32, ඉසිත විජේසුන්දර නොදැවී 37, චාමික එදිරිසිංහ 41/4, අරවින්ද ප්‍රේමරත්න 30/2)
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් - බදුලිය තරගය ජය පැරදුමකින් තොරයි
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 347
(නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, ශාරුජන් ශන්මුගනාදන් 123, සචිත ජයතිලක 51, තරිඳු රත්නායක 35, කළණ පෙරේරා 21, බුද්ධික සංජීව 73/4, මාලින්ද පුෂ්පකුමාර 96/3)
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 205
(දිල්ෂාන් ද සොයිසා 28, රොෂාන් විජේනායක 39, රුමේෂ් බුද්ධික 24, කේෂර නුවන්ත 46, අලංකාර අසංක නොදැවී 25, විජයකාන්ත් වියස්කාන්ත් 45/4, කවිඳු දිල්හාර 43/3)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 97
(සචිත ජයතිලක 33, මාලින්ද පුෂ්පකුමාර 38/4, අලංකාර අසංක 23/3)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 56
(සඳුන් වීරක්කොඩි 25, රොෂාන් විජේනායක නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.