
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ පැවැති තරගවලදී පිතිකරුවන් 5 දෙනෙක් ශතක වාර්තා කිරීමට සමත්වූ අතර තවත් පිතිකරුවෝ 5 දෙනෙක් ශතක පෙනි පෙනී දැවී ගියහ. එහිදී වාර්තා වූ එකම පුර්ණ ජයග්‍රහණයට හිමිකම් කීමට නුගේගොඩ ක්‍රීඩා සමාජය සමත් වූ අතර සෙසු තරග 5 ම ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
දෙවැනි සතියේ තරගවලදී පිතිකරුවකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට සී.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක (183) සමත් වූ අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔහු ලබාගත් එම ශතකය හතරේ පහර 3 කින් සමන්විත විය. එහිදී චමිඳු විජේසිංහ (72) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මධුෂ්ක සමත් විය.
මධුෂ්කට අමතරව ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් (120) එන්.සී.සී. කණ්ඩායමට එරෙහිවත්, එන්.සී.සී. කණ්ඩායමේ කවීන් බණ්ඩාර (102) ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිවත්, ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ සචිත ජයතිලක (102) මුවර්ස් කණ්ඩායමට එරෙහිවත්, බී.ආර්.සී. කණ්ඩායමේ හේෂාන් ධනුෂ්ක (114) කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිවත් දෙවැනි සතියේ පැවැති තරගවලදී ශතක ලබාගත්හ.
මේ අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ළහිරු මධුෂංක (92) සී.සී.සී. කණ්ඩායම හමුවේද, පොලිස් කණ්ඩායමේ දුලාෂ් උදයංග (94) කෝල්ට්ස් කණ්ඩායම හමුවේද, කෝල්ට්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ (99) පොලිස් කණ්ඩායම හමුවේද, ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ (94) එන්.සී.සී. කණ්ඩායම හමුවේද, මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර (91) ද්‍රවිඩ සංගම් කණ්ඩායම හමුවේද ශතක පෙනි පෙනී සිටියදී දැවී ගියහ.
දෙවැනි සතියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කිරීම කෝල්ට්ස් කණ්ඩායමේ කවිෂ්ක අංජුල සමත් වූ අතර පොලිස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ලකුණු 70 කට කඩුලු 5 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක්ද බැගින් ඉනිම් දෙකේදී කඩුලු 10 ක් දවාගනිමින් ඔහු කැපී පෙනුණු දස්කම් දැක්වීය.
එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන්, පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත් වූයේ පළමු ඉනිමේදී ලකුණු 88 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 77 කට කඩුලු 4 ක් බැගින් ඉනිම් දෙකේදී කඩුලු 9 ක් බිඳහෙළමිනි. පළමු සතියේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිවද වනුජ කඩුලු 8 ක් දවාගැනීමට සමත් විය.
දෙවැනි සතියේදී ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වූ තරග..
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 404
(නිෂාන් මධුෂ්ක 183, ධනංජය ද සිල්වා 40, සොනාල් දිනූෂ 20, චමිඳු විජේසිංහ 72, නිෂාන් පීරිස් 34, ළහිරු මධුෂංක 40/3, ජනිත් ලියනගේ 63/3, නිසල අබේරත්න 72/2)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 202
(රවිඳු ප්‍රනාන්දු 37, ළහිරු මධුෂංක 92, විෂ්ව ප්‍රනාන්දු 47/4, චමිඳු විජේසිංහ 15/2, නිෂාන් පීරිස් 48/2)
සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 57
(නිෂාන් මධුෂ්ක නොදැවී 26)
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් සහ පොලිස් අතර තරගය
පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 317
(ධනුජ ඉඳුවර 51, දුලාෂ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අෂේන් බණ්ඩාර 79, විෂාද් රන්දික 18, දිලුම් සුදීර 23, කවිෂ්ක අංජුල 70/5, අකිල ධනංජය 85/3)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(දිනේෂ් චන්දිමාල් 61, දුනිත් වෙල්ලාලගේ 99, ෂෙරාන් ෆොන්සේකා 23, කවිෂ්ක අංජුල 26, නිපුන් ප්‍රේමරත්න 52/4, දිලුම් සූදීර 63/2, නලින් ප්‍රියදර්ෂන 83/2)
පොලිස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 179
(කුසල් පෙරේරා 28, චතුරංග කුමාර 48, නලින් ප්‍රියදර්ෂන නොදැවී 32, කවිෂ්ක අංජුල 45/5, අකිල ධනංජය 63/3)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 15
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. සහ ඒස් කැපිටල් අතර තරගය
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 333
(ළහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමිල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අෂීන් ඩැනියෙල් 35, වනුජ සහන් 88/5, රොෂාන් ජයතිස්ස 98/3)
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 288
(රනේෂ් සිල්වා 33, වනුජ සහන් 120, දනාල් හේමානන්ද 29, රොෂාන් ජයතිස්ස 30, චාමික කරුණාරත්න 69/4, අෂීන් ඩැනියෙල් 43/2, ලසිත් ඇඹුල්දෙණිය 72/2)
එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 206
(විනුක රූබසිංහ 32, කවීන් බණ්ඩාර 102, චාමික ගුණසේකර නොදැවී 20, වනුජ සහන් 77/4, ඉසිත විජේසුන්දර 42/3)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 181
(පවන්ත වීරසිංහ 94, පවන් පතිරාජ 66)
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
මුවර්ස් සහ ද්‍රවිඩ සංගම් අතර තරගය
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 393
(සදීර සමරවික්‍රම 40, ජනිෂ්ක පෙරේරා 39, සොහාන් ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර 91, සිතාර ගිම්හාන් 47, රමේෂ් මෙන්ඩිස් 43, තරිඳු රත්නායක 117/6, කවිඳු දිල්හාර 47/2)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 350
(මිනොද් භානුක 66, ශාරුජන් ශන්මුගනාදන් 60, සචිත ජයතිලක 102, ළහිරු සමරකෝන් 73, ශිරාන් ප්‍රනාන්දු 51/5, ප්‍රවීන් ජයවික්‍රම 83/3)
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් සහ බී.ආර්.සී. අතර තරගය
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 289
(දිල්හාර පොල්ගම්පල 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 37, චාමික එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් 34, ශෂික දුල්ෂාන් 77/4, මොහොමඩ් සිරාස් 74/4)
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 322
(හේෂාන් ධනුෂ්ක 114, සමින්ද ප්‍රනාන්දු 47, හෂාන් දමිඳු 66, රමින්ද විජේසූරිය 35, ප්‍රමෝද් මධුවන්ත 21, චාමික එදිරිසිංහ 91/6, රන්දීර රණසිංහ 44/2)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 196
(ගයාන් මනීෂාන් 35, මාධව වර්ණපුර 24, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 73, මර්වින් අභිනාෂ් 42/2, මොහොමඩ් සිරාස් 62/2, ශෂික දුල්ෂාන් 64/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.