Last Update  :  2025-12-09 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කෝල්ට්ස් පිල ඉනිමකින් ජය ලබයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

කෝල්ට්ස් පිල ඉනිමකින් ජය ලබයි

editorial - 2025 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අද (8 වැනිදා) විය. 

ඉනිමක පරාජයකින් ගැළවීමේ සටනක නිරතව සිටි මේරියන්ස් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 78 කට සීමා කිරීමට කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 27 කට කඩුලු 5 ක් බිඳහෙළමින් කෝල්ට්ස් කණ්ඩායමේ ජය ඉක්මන් කළේය. 

පළමු ඉනිමේදී ලකුණු 77 කට කඩුලු 3 ක් දවාගත් ධනංජය, දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමග මෙම තරගයේදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දමාගත්තේය. මේරියන්ස් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සනෝජ් දර්ෂික සහ උදිත් මධුෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ. 

දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටි කෝල්ට්ස් කණ්ඩායමට ඉතිරි කඩුලු 2 ත් අහිමි කරගනිමින් අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. කෞමාල් නානායක්කාර, මෙලන් හංසික සහ කල්හාර සේනාරත්න එහිදී කඩුලු 3 බැගින් බිඳළුෑහ. 

පළමු සතියේ තරගයකදී පිතිකරුවකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (152) මෙම තරගයේදී සමත් වූ අතර ඔහු ලබාගත් ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. එය ඔහුගේ 36 වැනි පළමු පෙළ ශතකයද විය. 


හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 232 
(ලසිත් ලක්ෂාන් 54, සකුණ ලියනගේ 20, කල්හාර සේනාරත්න 59, සිතුම් දිසානායක 27, හර්ෂණ වික්‍රමසිංහ 44/4, අකිල ධනංජය 77/3) 

කෝල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 341 
(ශලින් ද මෙල් 76, දිනේෂ් චන්දිමාල් 152, දුනිත් වෙල්ලාලගේ 28, ෂෙහාන් ෆොන්සේකා 27, අකිල ධනංජය 25, කෞමාල් නානායක්කාර 62/3, මෙලන් හංසික 94/3, කල්හාර සේනාරත්න 64/3)  

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 78 
(සම්මු අෂාන් 21, අකිල ධනංජය 27/5, සනෝජ් දර්ෂික 16/2, උදිත් මධුෂාන් 22/2) 

 


අදහස් (0)

කෝල්ට්ස් පිල ඉනිමකින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.